December, 2, 2024
2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී රාජ්ය සුරැකුම්පත් වෙළෙඳපොළෙහි එක්සත් ජනපද ඩොලර් මලියන 39ක විදේශ ආයෝජනවල ශුද්ධ ලැබීමක් වාර්තා විය.
රාජ්ය සුරැකුම්පත් වෙළෙඳපොළ විසින් 2024 වසරේ මාසික ශුද්ධ ලැබීමක් වාර්තා කළ ප්රථම අවස්ථාව මෙය වේ.
කෙසේවෙතත් රාජ්ය සුරැකුම්පත් වෙළෙඳපොළ 2024 වසරේ ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 218ක සමුච්ඡිත ශුද්ධ ගෙවීමක් වාර්තා කළේය.
මේ අතර ප්රාථමික හා ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු ඇතුළත්, කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත් වූ විදේශීය ලැබීම්, 2024 වසරේ ඔක්තෝබර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 46ක සමස්ත ශුද්ධ ලැබීමක් වාර්තා කළේය.
ශ්රී ලංකා මහ බැංකුව ප්රකාශයට පත් කළ 2024 ඔක්තෝබර් විදේශීය අංශයේ ක්රියාකාරිත්වය වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
Video Story