2025 අයවැය: ප්‍රමුඛ ප්‍රතිසංස්කරණ මඟින් ඉහළ වර්ධන ඉලක්කයක්

    February, 19, 2025

    මෙවර අයවැය යෝජනාවලිය හරහා ඉදිරිපත් කෙරුණු මූලික ප්‍රතිසංස්කරණ, ලංකා වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද “දැක්ම 2030” සහ ආර්ථික සමුළුවේ සාකච්ජා කෙරුණු යෝජනා හා එකඟ වූ අවස්ථාවක් බව පිළිගත හැක. එමගින් ස්ථාවරත්වය, පාලනය, මහජන සහන, දූෂණයට එරෙහිව කටයුතු කිරීම ඇතුළු සියලු අංශ ආවරණය කරන්නක් බව පෙනේ. තවද රාජ්‍යය පෞද්ගලික හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීමේ ඉලක්කය හා ඩිජිටල් ආර්ථික සවිබල ගැන්වීම නව පරිවර්තනීය ඇරඹුමකට මග සලසයි.

    වඩා අවධානයට ලක්වන කරුණු අතර රේගු ආඥා පනත ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවය හඳුනාගැනීම සහ සියලු ව්‍යාපාර හවුල්කරුවන් සඳහා විවෘත වන “ජාතික තනි කවුළුව” (National Single Window), ලංකා වාණිජ මණ්ඩලය වඩාත් පැසසුමට ලක්කරන යෝජනාවලීන් බව සඳහන් කළ යුතු වේ. මෙම කාරණා වෙළඳ පහසුකම් වැඩි දියුණු කිරීම සහ ව්‍යාපාර කිරීමේ පහසුව වැඩිදියුණු කිරීම සඳහා ඉතා වැදගත් වේ. මීට සමගාමීව සංශෝධන සහිතව  ආර්ථික පරිවර්තන කෙටුම්පත (Economic Transformation Bill) ක්‍රියාත්මක කිරීම, සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (Public Private Partnerships) පිළිබඳ ඉදිරිපත් කෙරුණු නීති  අවධාරණයෙන් පිළිගනු ලැබේ. නිවැරදි කාලයේදි ම මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම හරහා අයවැය කතාවේදි ප්‍රකාශ කළ පරිදි වරාය, සංචාරක හා යටිතල පහසුකම් වැනි ප්‍රධාන අංශ සදහා පෞද්ගලික අංශයේ ආයෝජන ගලා ඒමට හිතකර පරිසරයක් නිර්මාණය කරයි.

    ප්රතිපත්ති අඛණ්ඩතාව: බදුකරණය සහ මූල් රාමුව

    අයවැය යෝජනාවලියෙහි ඇති බදු ප්‍රතිසංස්කරණ යෝජනා පිළිබඳව ලංකා වාණිජ මණ්ඩලයේ ප්‍රශංසාව රජයට පිරිනමනු ඇත. පවත්නා බදු ප්‍රතිපත්තීන් ඒ අයුරින්ම පවත්වා ගනිමින් හා ව්‍යාතිරේඛි බදු ඉදිරිපත් නොකරමින් රජයේ වියදම් ගැලපීම්වලට අනුකූල වෙමින් ප්‍රතිපත්ති සුරක්ෂිත කිරීමට ගනු ලබන පියවර මෙහිදී ඇගයීමට ලක් කරමු. මෙය මෙරටට ආයෝජන ගලා ඒමටත්, ආයෝජකයින්ගේ විශ්වාසය වැඩි දියුණු කිරීමටත් වැදගත් වේ.  ශ්‍රි ලංකාවේ ගෝලීය ණය තත්ත්වය ශක්තිමත් කිරීමට ගන්නා ලද ධනාත්මක පියවරක් ලෙස රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට එකග වීම හා මූලික වියදම් දළ දේශිය නිෂ්පාදිතය 13%කට සීමා කිරීම හදුනා ගත හැක. මූලිකව ම රට තුළ තරගකාරී ව්‍යාපාරික පරිසරයක් ගොඩ නැගීම සදහා මෙම වසර තුළ බදු ක්‍රමයේ ස්ථාවරත්වය සහ බදු අනුකූලතාවය සරල කිරීමට ගෙන ඇති පියවර ඉතා වැදගත් වේ.

    ප්රමුඛ ප්රතිසංස්කරණ කාලෝචිත ක්රියාත්මක කිරීමේ අවශ්යතාවය

    ඉහත සඳහන් මූලික ප්‍රතිසංස්කරණ මහජනතාවට දැනෙන ආකාරයට පත් කිරිම සදහා ඉක්මන් වැඩපිළිවෙලක් මේ මොහොතේ අවශ්‍ය වේ. උදාහරණයක් වශයෙන්  දශක දෙකකට වැඩි කාලයක් ව්‍යාපාර ප්‍රජාවගේ ඉල්ලීමක් වූ ජාතික තනි කවුළුව (National Single Window) වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ සැලැස්මක් හා කාලරාමුවක් අවශ්‍ය වේ. තවද, රාජ්‍ය ව්‍යාපාර සඳහා හිමිකාර සමාගමක් (Holding Company for SOEs) පිහිටුවීමේ සැලැස්ම ලංකා වාණිජ මණ්ඩලය පැසසුමට ලක් කරයි.  එහි සාර්ථකත්වය රඳා පවතින්නේ නියමිත කාල රාමුවක්, සැලැස්මක් , සැබෑ අධීක්ෂණයක් සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක වීම මතය. ඩිජිටල්කරණය සහ රාජ්‍ය පාලන කටයුතු විද්‍යුත් කිරීම  කෙරෙහි අවධානය යොමු කිරීම ද ධනාත්මක පියවරක් වන අතර, රාජ්‍ය අංශයේ සිදුවන දුර්වලතා සහ විනිවිදභාවය වැඩි දියුණු කිරීමට විද්‍යුත් ආර්ථික අධිකාරියක් (Digital Economic Authority) පිහිටුවීම වැනි යෝජනා ද අප අගය කරයි.

    විශේෂිත යෝජනා ක්රියාත්මක කිරීමට පෙර උපදේශනයේ අවශ්යතාවය

    දැනට පවත්නා සරල එකතු කල අගය මත බදු (SVAT)  ක්‍රමයේ සිට අවදානම් මත පදනම් වූ මුදල් ආපසු ගෙවීමේ පද්ධතියකට (Risk-based refund system) යාමට පෙර අවශ්‍යය පරික්ෂාවන්, විශේෂිත පෙර නියමු වැඩසටහන් (pilot programs) ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ. මෙමගින් , ශක්තිමත් සහ කාර්යක්ෂම මුදල් ආපසු ගෙවීමේ ක්‍රමයක් ඇති කිරීම සදහා අවශ්‍යය මග පෙන්වීම සිදු වේ. තවද පෞද්ගලික අංශය සඳහා වන අවම වැටුපෙහි වෙනස්කම් සිදු කිරීමට පෙර එය නිසි උපදේශනයකට යටත්ව සිදු කළ යුතු බව අප යෝජනා කරන්නෙමු. ව්‍යාපාර තිරසාරභාවය සහ  ආර්ථික ක්‍රියාවලියට කාන්තා සහභාගිත්වය වැඩි කර ගැනීමට හැකි වන ආකාරයට  නම්‍යශීලී ව වැඩ කිරීම සඳහා අවශ්‍යය වන පුළුල් ශ්‍රම ප්‍රතිසංස්කරණ පිලිබදව ද සලකා බැලිය යුතුය.

    මෙම අයවැය හුදෙක් ආයෝජන මත පදනම් වූ වර්ධනයකට මූලිකත්වය දෙන නමුත් ආර්ථිකය ශක්තිමත් කිරීමට හා නව රැකියා බිහි කිරීමට මග සලසන කුඩා හා මාධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (MSMEs) රජයේ සහයෝගය අත්‍යාවශ්‍ය වේ. දේශීය කෘෂිකර්මාන්තයට මෙවර අයවැයෙන් රුපියල් බිලියන 254 ක් වෙන් කර ඇති අතර, එම අංශයට නවීන තාක්ෂණය හදුන්වාදීම සදහා පැහැදිලි සැලැස්මක්, සැපයුම් හා වටිනාකම් දාම (supply and value chain) වලට අවශ්‍යය පහසුකම්, දේශගුණික වෙනස්වීම්වලට ඔරොත්තු දීමේ හැකියාව, තිරසාර ගොවිතැන, වාරිමාර්ග සහ පෞද්ගලික අංශයේ කෘෂි සැකසුම් වැනි විවිධ කාරණා ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතුය.

    වාණිජ මණ්ඩල නිර්දේශ සහ දැක්ම 2030” සමඟ පෙළගැස්වීම

    ආයෝජනය මුලික කරගත් වර්ධනය, වෙළදාම, ඩිජිටල් පරිවර්තනය, සහ රාජ්‍යය අංශයේ යෝජනා කර ඇති වෙනස්කම් යන කරුණු ලංකා වාණිජ මණ්ඩලයේ ඉදිරිපත් කරන ලද යෝජනා සමග සැසදෙන බවත් අප ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු. තවද, 2025 අයවැය රාජ්‍යය මූල්‍ය ඒකාග්‍රතාවය, ආයෝජන පහසුකම් සැලසීම හා රජයේ කාර්යක්ෂම සේවය අපේක්ෂා කරයි.   එහෙත් මේ යෝජනා සියල්ලේම සාර්ථකත්වය රදාපවතින්නේ නිසි කාලයට ක්‍රියාත්මක කිරීම හරහා පමණි. එයට සියලුම පාර්ශවකරුවන්ගේ මැදීහත් වීම, රාජ්‍යය ප්‍රතිපත්තිවල ස්ථාවර බව වැදගත් වේ. ඒ අනුව, මෙම යෝජනා සලකා බලමින් නිවැරදි ප්‍රතිපත්තීන් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සහ ගෝලීය වශයෙන් තරඟකාරී ආර්ථිකයක් සහතික කරමින්, ආර්ථිකයේ සියලුම අංශ වල සහභාගිත්ව වර්ධනයක් කරා ළගා වීමට, ලංකා වාණිජ මණ්ඩලය,  රජය සමඟ කටයුතු කිරීමට  කැපවී සිටී.

    (මෙය ලංකා වාණිජ මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයකි.)