2025 ජාතික Al ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය සමඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතයේ දැවැන්ත පිම්මක්

    October, 1, 2025

    2025 සැප්තැම්බර් 29 වන දින, මොනාර්ක් ඉම්පීරියල් හිදී ජාතික Al ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ආරම්භ විය. මෙය ශ්‍රී ලංකාවේ තාක්ෂණික බලගැන්වීමෙන් ක්‍රියාත්මක වන අනාගතයක් කරා යන ගමනේ වැදගත් පියවරක් සනිටුහන් කරන අතර, උද්යෝගශීලී හා හැකියාවන්ගෙන් පිරුණු සමාජයක් නිර්මාණය කිරීම සඳහා දැවැන්න පියවරක් වනු ඇත.

    ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ SLT-Mobitel විසින් සංවිධානය කරන ලද මෙම සමුළුව සහ ප්‍රදර්ශනය, ජානික උන්නතිය උදෙසා කෘත්‍රිම බුද්ධිය යොදාගැනීමේ පොදු අරමුණකින් එක්වූ අධ්‍යාපනඥයින්, කර්මාන්ත නායකයින්, නවෝත්පාදකයින් සහ සිසුන් රටපුරා එක් කරමින් සිදු විය.

    මෙම ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද අතර, ඇය පැමිණ සිටි පිරිස අමතමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය අධ්‍යාපනය සමඟ පෙළගැස්වීමෙන් මෙහෙයවන බවයි. මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය, සුනිල් හඳුන්නෙත්ති, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් ගමගේ, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, විදේශ තානාපතිවරුන් සහ රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ද එක්ව සිටියහ. එම අවස්ථාවේදී පැමිණ සිටි පිරිස අමතමින් ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාන්‍ය එරංග වීරරත්න මහතා නිවේදනය කළේ, Google Gemini ඇතුළු Google Al වේදිකා සහ මෙවලම් සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට නොමිලේ ප්‍රවේශය ඉක්මනින් ලබා දීමට google සමාගම සහ රජය අතර එකඟතාවයකට එළඹ ඇති බවයි. ඒ අනුව Google සමඟ නව හවුල්කාරිත්වය සමඟ ඔක්තෝබර් මැද භාගයේ සිට, ශ්‍රී ලාංකික සිසුන්ට උසස් Al මෙවලම් සඳහා නොමිලේ ප්‍රවේශය ලබා දීමට සැලසුම් කර ඇත. එමඟින් ගෝලීය ක්‍රීඩා පිටිය සමතලා කිරීම සහ ජානියේ ඊළඟ පරම්පරාව Al යුගයට සූදානම් කිරීමේ අරමුණ ඉටු කරනු ඇත.

    ජාතික Al ප්‍රදර්ශනයේ ප්‍රධාන දේශනයේදී, ඩිජිටල් ආර්ථිකය නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ශ්‍රී ලංකාව නැවත හැඩගැස්වීමට කෘත්‍රිම බුද්ධිය භාවිතා කරන තාක්ෂණික පදනම පිළිබඳ දැක්ම ඉදිරිපත් කළේය. ග්‍රාමීය සායනවල වෛද්‍ය රෝග විනිශ්චය වැඩි දියුණු කිරීමේ සිට සංචාරකයින් සඳහා පුද්ගලීකරණය කළ අත්දැකීම් නිර්මාණය කිරීම දක්වා AI විසින් ලබාදිය හැකි ප්‍රතිලාභ ඔහු විසින් පෙන්වා දුන්නේය. සම්මන්ත්‍රණය Al භාවිතයෙන් ජාතික ප්‍රගතිය සහ ගෝලීය නවෝත්පාදන ඉලක්ක සපුරා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් බව අවධාරණය කළේය.