2025 තෙවන කාර්තුවේ දී විදුලිබල මණ්ඩලයේ ලාභය 85%කින් පහළට

    November, 18, 2025

    ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් 30න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශය ඊයේ (17) දින ප්‍රකාශයට පත්කරන ලදී.

    ඊට අනුව 2025 තෙවන කාර්තුවේ මණ්ඩලයේ ලාභය රු. බිලියන 3.58ක් ලෙසින් සඳහන් වේ. මෙය 2024 තෙවන කාර්තුවේ දී මණ්ඩලය වාර්තා කර තිබූ රු. බිලියන 24.58ක ලාභය හා සැසඳීමේ දී 85%ක දැවැන්ත පහළ යාමක් වේ. එසේම 2025 දෙවන කාර්තුවේ දී මණ්ඩලය විසින් වාර්තා කරන ලද රු. බිලියන 5.31ක ලාභය හා සැසඳීමේ දී කාර්තුමය පදනම අනුව මෙය 32.5%ක ලාභයේ පහත වැටීමකි.

    මේ අනුව 2025 මුල් මාස 09 තුළ ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත අලාභය රු. බිලියන 9.58ක් ලෙසින් සටහන්ව ඇත. එය 2024 වර්ෂයේ මුල් මාස 09 හි වාර්තා කර තිබුණු රු. බිලියන 143.79ක දැවැන්ත ලාභය හා සැසඳීමේ දී 107%ක පරිහානියක් බව ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය වාර්තා සඳහන් කරයි. ප්‍රධාන වශයෙන් 2025 මුල් කාර්තුවේ දී මණ්ඩලය රු. බිලියන 18.47ක අලාභයක් වාර්තා කිරීම, 2025 මූල්‍ය වර්ෂයේ මේ දක්වා සමුච්ඡිත අලාභදායීත්වයක් පෙන්නුම් කිරීමට හේතු වී තිබේ.

    2025 සැප්තැම්බර් 30න් අවසන් මූල්‍ය කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභ අලාභ ප්‍රකාශය පහතින් දැක්වේ.