February, 19, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන ලංකා දුම්කොළ සමාගම 2025 දෙසැම්බර් 31න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රකාශන නිකුත් කර තිබේ.
ඊට අනුව 2025 දෙසැම්බර් කාර්තුව සඳහා සමාගම වාර්තා කර ඇති පිරිවැටුම රු. බිලියන 62.08ක් වන අතර රජයේ බදු ලෙස රු. බිලියන 42.98ක් ගෙවා ඇත. ඒ අනුව සමාගමේ ආදායම අදාළ කාර්තුව වෙනුවෙන් රු. බිලියන 19.09ක් ලෙසින් වාර්තා වේ.මේ අතර සමාගම එම කාර්තුව වෙනුවෙන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රු. බිලියන 6.41කි. ඒ අනුව 2025 ඔක්තෝබර් - දෙසැම්බර් කාර්තුව වෙනුවෙන් සමාගම වාර්තා කර ඇති බදු පසු ලාභය රු. බිලියන 8.20ක් ලෙසින් දැක්වේ.
මේ අතර සමස්තයක් ලෙස සැලකීමේ දී 2025 වසරේ දී ලංකා දුම්කොළ සමාගම රු. බිලියන 215.67ක පිරිවැටුමක් වාර්තා කර ඇති අතර එම වර්ෂය තුළ දී රජයේ බදු ලෙස රු. බිලියන 149.10ක් හා ආදායම් බදු ලෙසින් රු. බිලියන 24.72ක් ගෙවා ඇති බව මූල්‍ය වාර්තා පෙන්වා දේ. ඒ අනුව 2025 වසර තුළ ලංකා දුම්කොළ සමාගම රජයට ගෙවා ඇති සමස්ත බදු ප්‍රමාණය රු. බිලියන 173.83ක් ලෙසින් සටහන් වන අතර එය එය මෙරට තනි ආයතනික පුරවැසියෙකු විසින් වසරක් තුළ ගෙවන ලද ඉහළම බදු මුදල ලෙසින් ද සැලකේ.
බදුගෙවීමෙන් පසු ලංකා දුම්කොළ සමාගම රු. බිලියන 29.11ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර කොටස්කරුවන් වෙනුවෙන් එක් කොටසකට රු. බිලියන සිව්වන අතුරු ලාභාංශය ලෙසින් රු. 28ක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව 2025 වසර සඳහා සමාගම ප්‍රකාශයට පත් කර ඇති සමස්ත අතුරු ලාභාංශ වටිනාකම කොටසක් වෙනුවෙන් රු. 138කි. 2024 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද අතුරු ලාභාංශ 4ට අමතරව තවත් අවසන් ලාභාංශයක් ද ප්‍රකාශ කිරීමට සමාගම කටයුතු කර තිබුණි.
Video Story