2025 පළමු කාර්තුවේ 722,276ක සංචාරකයින් පිරිසක් දිවයිනට

    April, 2, 2025

    2025 වසරේ මාර්තු මාසය තුළ 229,298 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඒ අනුව මෙම වසරේ පළමු කාර්තුව තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 722,276ක් ලෙසයි.

    මාර්තු මාසයේ සෑම සතියකම 50,000 ඉක්ම වූ සංචාරක පැමිණීමක් වාර්ත ඇති අතර 8,619ක ඉහළම සංචාරක පැමිණීම මාර්තු 28වන දින වාර්තා වී ඇත.

    මාර්තු මාසය තුළ ද 17.1%ක වැඩිම සංචාරක පැමිණීමක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 39,212ක් ලෙසයි.

    මීට අමතරව රුසියාවෙන් 29,177ක්, එක්සත් රාජධානියෙන් 22,447ක් සහ ජර්මනියෙන් 17,918ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.