July, 7, 2025
2025 වසරේ පළමු මාස 6 තුළ මෙරට සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,712.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම දත්ත වාර්තාවන් හරහා අනාවරණය කර සිටී.
මෙය 2024 වසරේ පළමු මාස 06 හි වාර්තා වූ සංචාරක ඉපැයීම් වටිනාකම් වූ ඩොලර් මිලියින 1,556.6 හා සැසඳීමේ දී 10% ක වර්ධනයකි.
එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2025 ජුනි මාසය තුළ පමණක් සංචාරක කර්මාන්තය හරහා ශ්‍රී ලංකාව උපයා ඇති ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 169.5 ක් ලෙසයි.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කර සිටින්නේ 2025 වසරේ පළමු මාස 6 තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ගණන 1,168,04 ක් බවයි. එය 2024 වසරේ මුල් භාගය හා සැසඳීමේ දී 15.6% ක වර්ධනයකි.

Video Story