December, 18, 2024
පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයනයට පනවා තිබූ සීමාව 2025 වසරේ පෙබරවාරි 01 වනදා සිට ලිහිල් කිරීමට සැලසුම කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් ඔහු මේ බව පවසා සිටියේ ය.
"අපේ රටේ වාහන වෙළඳපොළ අපි ක්‍රමානුකූලව විවෘක කළ යුතුව තිබෙනවා. මොක ද එයත් එක්ක ගොඩනැගුනු කර්මාන්තයක් තිබෙනවා. එයත් එක්ක ගොඩනැගුනු ව්‍යවසායකයන් ඉන්නවා. ඒ නිසා දීර්ඝ කාලයක් අපිට මේ වාහන වෙළඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම සැලසුම් කරලා තිබෙනවා. කාණ්ඩ තුනකින් මේ වාහන වෙළඳපොළ යළි විවෘත කරන්න. මගී ප්‍රවාහන බස් හා විශේෂ කාර්යයන් සඳහා පාවිච්චි කරන මෝටර් රථ වාහන අපි මේ 2024.12.14 වන දා සිට විවෘත කරලා තියනවා ලංකාවට ආනයන කරන්න හැකි වන පරිදි. ඒ වගේම භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෝටර් රථ, ඒ වගේම පෙෘද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ අපි වීවෘත කරන්න සැලසුම් කරලා තියනවා. පෙෘද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ වාහන ආනයන 2025 පෙබරවාරි මාසයේ පලවන දින සිට යෝජනවාට අපි ඇතුළත් කරලා තිබෙනවා ක්‍රියාත්මක කරන්න."