2025 මාස 09කදී කොටස් වෙළෙඳපොළ 36%කින් ඉහළට

    September, 30, 2025

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (30) දිනයේ නැවත වරක් ඉතිහාසයේ ඉහළම අගය නැවත වරක් අලුත් කරමින් ඒකක 21,778.60 ක් දක්වා ඉහළ ගියේය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 102.30 ක ඉහළ යාමකි.

    මේ අනුව 2025 වසරේ මුල් මාස 09 තුළ සියලු කොටස් මිල දර්ශකයට අනුව 36.59%ක වර්ධනයක් අත්පත් කර ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ සමත් වී ඇත.

    අද දිනයේ දී S&P SL20 දර්ශකය ඒකක 7.32කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 6,126.53 ක් ලෙසින් සටහන් වුණි.

    රු. බිලියන 6.27 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 6.01ක් හා දේශීය විකිණුම් රු. බිලියන 5.65ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 284ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 646ක් ලෙසින් සටහන් වුණි.

    Video Story

    Stock Market

    Exchange Rates