December, 22, 2025
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය ශක්තිමත්ව සිය වර්ධන වේගය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, එම කාලය තුල 5.8% ක වාර්ෂික වර්ධනයක් වාර්තා කර ඇති අතර ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත මැණික් හා ස්වර්ණාභරණ සහ ඛණිජ තෙල් නිෂ්පාදන සඳහා වූ අපනයන ආදායමත් එක්ව ඩොලර් මිලියන 15776.36 ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා සඳහන් කරයි.
2025 නොවැම්බර් මාසයේදී වෙළද භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1364.52 කි. එය 2024 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.56% වාර්ෂික වර්ධනයකි. මෙම කාර්ය සාධනය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිය සහ වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමටත්, ගෝලීය තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමට ක්‍රියාත්මක කරන ලද උපාය මාර්ගවල ඵලදායීතාවය ඉස්මතු කරයි.
මේ පිළිබදව අදහස් දක්වමින් අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, 2025 ජනවාරි සිට නොවැම්බර් කාලය තුල ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 15776.36 ක් වූ බවත්, එය වාර්ෂිකව ශක්තිමත් වර්ධනයක් පිළිඹිබු කරන බවත්ය. ප්‍රධාන වෙළඳපොළවල් යථා තත්ත්වයට පත්වීම, තිරසාර නිෂ්පාදන ධාරිතාව සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම මගින් ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ ශක්තිමත්භාවය සහ තරඟකාරිත්වය අවධාරණය කරන බව ඔහු සඳහන් කළේය.
මෙම වර්ධනය ගෝලීය වෙළදාමට ශ්‍රී ලංකාව වැඩි වශයෙන් ඒ්කාබද්ධ වීමත්, වෙළදපොල අවස්තා විවිධාංගීකරණය කරමින් අපනයන තරගකාරිත්වය ශක්තිමත් කිරිමට දරන අඛණ්ඩ උත්සාහයේ සාර්ථකත්වය ඉස්මතු කරයි. අපගේ අපනයනකරුවන් වෙනස්වන ගෝලිය වෙළදපොලට අනුවර්තනය වන ආකාරයත්, ඔවුන්ගේ ශක්තිමත්භාවයත් මෙමගින් නැවතත් පෙන්වා දී ඇත. 2025 නොවැම්බර් මාසය අවසන් වන විට වාර්ෂික අපනයන ඉලක්කයෙන් 86.3% කට වඩා වැඩි ප්‍රමාණයක් ළඟා කර ගැනීම ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රජාවේ ශක්තිය හා කැපවීම පිළිබඳ පැහැදිලි සංකේතයක් බව ද ඔහු අවධාරණය කළේය.

2025 නොවැම්බර් මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 5.95% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1053.22 ක් දක්වා ළගා වී ඇත. ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්තවලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සඳහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වේ. 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 12417.98 කි. එය 2024 එම කාලයට සාපේක්ෂව 6.41% ක වැඩිවීමකි.
2025 නොවැම්බර් මාසයේදී සේවා අපනයනයෙන් ලැබුණු ආදායම 4.27% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් මිලියන 311.3 ක් වී ඇතැයි ඇස්තමේන්තු කර ඇත. 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ සේවා අපනයනය 3.63% කින් ඉහළ ගොස් ඇති බවට ඇස්තමේන්තු කර ඇත. එය ඇමරිකානු ඩොලර් මිලියන 3,358.38 කි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ (ICT)/ව්‍යාපාර කළමනාකරණ (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා සහ ප්‍රවාහන හා සැපයුම් යන අංශයන්ගෙන් සමන්විත සේවා අපනයන අංශය, ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂ්‍රේත්‍රය විවිධාංගීකරණය කරමින් දිවයින පුරා ඉහළ වටිනාකමක් ඇති රැකියා අවස්ථා නිර්මාණය කිරීම අඛණ්ඩව සිදු කරයි.
වගුව 1: නිෂ්පාදන අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම ( ඇ.ඩො.මි )

වගුව 2: ඉහළම අපනයන ගමනාන්ත 15 හි වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

වගුව 3: කලාපය අනුව වෙළඳ භාණ්ඩ අපනයන කාර්ය සාධනය සංසන්දනය කිරීම (ඇ.ඩො.මි.)

Video Story