March, 28, 2025
අද (28) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් දක්නට ලැබුණි.
දිනය තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 67.24කින් පහළ ගොස් තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 25.14කින් පහළ ගොස් තිබුණි.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 15,814.82ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 4,734.72 ක් ලෙසත් සටහන් වී තිබේ.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.65 ක් ලෙසින් වාර්තා වේ.
මේ අතර 2025 වසරේ පළමු කාර්තුව අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකයට අනුව 0.81% කින් කොටස් වෙළෙඳපොළ පහළ ගොස් ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළ නවතම දත්ත වාර්තා පෙන්වා දේ.
වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 15,944.61 ක් ලෙසින් සටහන් වූ අතර එය ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය වන ඒකක 17,193.79 ක් දක්වා මෙම වකවානුව තුළ දී ඉහළ ගොස් තිබුණි. කෙසේවෙතත් අද දින ඒහි අගය සටහන් වූයේ ඒකක 15,814.82ක් ලෙසිනි.
S&P SL20 දර්ශකයට අනුව මෙම මාස 03 තුළ කොටස් වෙළෙඳපොළේ පරිහානිය 2.62%කි.
Video Story