August, 7, 2025
මෙම වසරේ පළමු මාස 6 තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 507ක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ එය 2024 වසරේ පළමු මාස 6 තුළ වාර්තා වී ඇති සෘජු විදෙස් ආයෝජන ප්‍රමාණය වූ ඩොලර් මිලියන 252 හා සැසදීමේ දී 101%ක වර්ධනයක් බවයි.
තව ද මෙම වසර අවසන් වන විට අමෙරිකානු ඩොලර් බිලියන 1ත් බිලියන 1 1/2ත් අතර ආයෝජන ප්‍රමාණයක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා මෙරටට ගෙන ඒමට අපේක්ෂා කරන බව ද ජනපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ය.
"සෘජු විදෙස් ආයෝජන අවශ්‍යයි. හැබැයි අපිට විශාල අමුද්‍රව්‍යයක් තියන රාජ්‍යයක්, විශාල වෙළෙඳපොළක් තියන රාජ්‍යයක් නෙවෙයි. ඒ නිසා සෘජු විදෙස් ආයෝජන කැඳවගන්න වෙන්නෙම අසීරුතාවයන් එක්ක. ඒ නිසා අපි යම් සහනයක් ලබා දිය යුතුයි සෘජු ආයෝජන වෙනුවෙන්. මොකද එහෙම නැතුව අපි විශේෂයක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් සහනයක් ලබා දෙමින් සෘජු විදෙස් ආයෝජන කැඳවාගැනීම සඳහා අපි කටයුතු කරමින් සිටිනවා. එහෙම ගත්තම මම කියන්න කැමති ගිය අවුරුද්දේ මුල් මාස 6 තුළ සෘජු විදෙස් ආයෝජන ඩොලර් මිලියන 252යි. මේ අවුරුද්දේ මුල් මාස 6 තුළ සෘජු විදෙස් ආයෝජන ඩොලර් මිලියන 507යි. ගිය අවුරුද්ද හා සන්සන්දනය කරලා බලනකොට 101%ක වර්ධනයක් තියනවා. දෙගුණෙක වර්ධයක් තියනවා සෘජු විදෙස් ආයෝජනවල."
"බිලියනයක් බිලියන 1 1/2 අතර ආයෝජන BOI එක හරහා ගෙන්වීමට අපි අපේක්ෂා කරනවා."
අද (07) දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
Video Story