2025 මුල් මාස 07දී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 4.43ක්. සංචාරක ආදායම ඩොලර් බිලියන 2 පනී

    August, 7, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) දින නිකුත් කරන ලද නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව 2025 ජූලි මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 697.3 ක් ලෙසින් වාර්තා වී ඇත.

    ඒ අනුව වසරේ මුල් මාස 07 තුළ දී ලද මුළු ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන ඩොලර් බිලියන 4.43 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එය වාර්ෂික පදනම අනුව 2024 මුල් මාස 07 තුළ වාර්තා වී ඇති ඩොලර් බිලියන 3.71ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේ දී 19.5% ක සුවිශේෂී වර්ධනයක් වේ.

    මේ අතර වසරේ මුල් මාස 07 තුළ වාර්තා වී තිබෙන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.03 ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර 2025 ජූලි මාසය තුළ වාර්තා වී තිබෙන ඩොලර් මිලියන 318.5ක සංචාරක ඉපැයීම් ප්‍රමාණයත් සමග මෙලෙස මුල් මාස 07 තුළ දී ඩොලර් බිලියන 2 මට්ටම අබිබවා යාමට හැකි වී තිබේ.