August, 29, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 21,000 සීමාව ආසන්නයට පැමිණීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක ඒකක 197.10කින් ඉහළ ගොස් ඒකක 20,997.36ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 31.02කින් ඉහළ ගොස් ඒකක 60,76.79 ක් ලෙසින් සටහන් වුණි.
අද දින රු. බිලියන 7.38ක ගනුදෙනු පිරිවැටුමක් වාර්ත විය.
සියලු කොටස් මිල දර්ශකයේ මෙම කාර්යසාධනයත් සමඟින් 2025 වසෙර් මුල් මාස 08 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ 31.69% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. වසර ආරම්භයේ දී සියලු කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 15,944.61 ක් ලෙසයි.
Video Story