2025 මුල් මාස 09දී රට විරුවන්ගෙන් ඩොලර් බිලියන 5.81ක්

    October, 13, 2025

    2025 සැප්තැම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 695.7 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙය 2024 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 555.6 හා සැසදීමේ දී 20%ක කැපීපෙනෙන වර්ධනයකි.

    2025 වසරේ පළමු මාස 9 තුළ මෙරටට ලැබී ඇති සමස්ථ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,811.7 ක් ලෙස වාර්තා වන අතර 2024 වසරේ එම කාල සීමාව තුළ මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 4,843.8ක් ලෙසින් වාර්තා වී ඇත.

    මේ අතර වසරේ මුල් මාස 09 තුළ වාර්තා වී තිබෙන සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 2.47 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ශ්‍රී ලංකාවේ අපනයන ආදායම හැරුණුකොට දෙවැනියට වැඩිම විදෙස් විනිමයක් ශ්‍රී ලංකාවට ලැබෙන මාර්ගය වන්නේ මෙම විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවනු ලබන ප්‍රේෂණයි.