2025 මුල් මාස 10දී රට විරුවන්ගෙන් ලැබීම් ඩොලර් බිලියන 6.5 ඉක්මවයි

    November, 10, 2025

    2025 ඔක්තෝම්බර් මාසයේ දී විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට එවා ඇති ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 712 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    එම ප්‍රමාණයත් සමඟ 2025 වසරේ පලමු මාස 10 තුළ මෙරටට ලැබී ඇති සමස්ථ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 6,523.7 ක් ලෙස වාර්තා වෙයි.

    මෙය 2024 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ ප්‍රේෂණ ප්‍රමාණය වන ඩොලර් මිලියන 5,431. හා සැසදීමේ දී 20.1%ක කැපීපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරයි.