2025 මුල් මාස 10 දී කොටස් වෙළෙඳපොළේ 43%ක වර්ධනයක්

    November, 3, 2025

    2025 ජනවාරි - ඔක්තෝබර් කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය 43.03%ක වර්ධනයක් අත්පත් කරගැනීමට සමත්ව තිබේ.

    ඒ අනුව වසර ආරම්භයේ දී ඒකක 15,944.61ක් ලෙසින් සටහන් තිබූ සියලු කොටස් මිල දර්ශක අගය පසුගිය ඔකතෝබර් 31 දා ගනුදෙනු නිමාවේ දී ඒකක 22,804.84 ක් ලෙසින් සටහන්ව තිබුණි.

    මේ අතර S&P SL20 දර්ශකය වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී 27.80%ක වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

    වසර ආරම්භයේ දී ඒකක 4,862.10 ක් ලෙසින් වාර්තා වී තිබුණු S&P SL20 දර්ශක අගය, 2025 ඔක්ත‌ෝබර් මාසය අවසන් වන විට ඒකක 6,213.91ක් දක්වා ඒ අනුව වැඩි වී තිබිණ.

    මේ වන කොළඹ කොටස් වෙළෙඳපොළ සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. ට්‍රිලියන 8.12ක් දක්වා ඉහළ ගොස් තිබේ.