2025 මේ දක්වා 840,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් දිවයිනට

    April, 22, 2025

    මෙම වසරේ අප්‍රේල් 20 වන දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ 846,221 ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    ඔවුන් සිය නවතම දත්ත වාර්තාවන් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අප්‍රේල් මාසයේ පළමු දින 20 තුළ දී 123,945ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.

    මෙම කාල සීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව දැක්වෙනුයේ 24,776 ක් ලෙසයි.

    මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයින් 14,060 ක්, රුසියාවෙන් 10,873 ක් සහ ජර්මනියෙන් 9,387 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.