August, 6, 2025
2025 වසරේ මුල් මාස හය තුළ රාජ්‍ය ආදායම රු. බිලියන 2,322 ක් දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවක සඳහන් වේ.
එය 2024 පළමු භාගයේ රාජ්‍ය ආදායම් අගය වූ රු. බිලියන 1,861 හා සැසඳීමේ දී 24.7% ක කැපීපෙනෙන වැඩිවීමකි.
එහිදී බදු ආදායම 25.9%කින් ඉහළ ගොස් ඇති අතර බදු නොවන ආදායම 12.1% කින් ඉහළ ගොස් තිබේ.
2024 මුල් භාගයේ දී රු. බිලියන 1,709ක්වූ බදු ආදායම 2025 පළමු භාගය තුළ රු. බිලියන 2,152ක් දක්වාත්, රු. බිලියන 151 ක් ලෙසින් වාර්තා වී ඇති බදු නොවන ආදායම රු. බිලියන 170ක් දක්වා ත් එහිදී ඉහළ ගොස් ඇත.
මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වසර මැද මූල්‍ය සමාලෝචන වාර්තාවෙහි මේ බව සඳහන් වේ.


Video Story