2025 වර්ෂයේ මූල්‍ය සාක්ෂරතා මාසය අද සිට

    September, 10, 2025

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (සැප්තැම්බර් 10) දින “මූල්‍ය සාක්ෂරතා මාසය” ආරම්භ කරනු ලබන අතර එය මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා පෙරදැක්ම යටතේ ක්‍රියාත්මක වන අතර එය “මූල්‍ය සාක්ෂරතාවයෙන් හෙබි ශ්‍රී ලංකාවක්” නිර්මාණය කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ පුළුල් දැක්මට අනුකූල වේ.

    මහජනතාවගේ මූල්‍ය හැසිරීම වෙනස් කිරීම, විචක්ෂණශීලී තීරණ ගැනීමට සහාය වීඹ සහ තිරසර ආර්ථික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යාවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්පවලින් මහජනතාව සන්නද්ධ කිරීම සඳහා වූ මහ බැංකුවේ දැඩි කැපවීම අවධාරණය කරමින් මෙම මාසය පුරාවටම සුවිශේෂී වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක වේ.