November, 19, 2025
මෙම වසර අවසන් වන විට සංචාරකයින් මිලියන 2.5ක් මෙරටට පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සහ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසයි.
අද (19) දෙරණ BIG FOCUS වැඩසටහනට එක් වෙමින් ඔහු මේ පිළිබඳව පවසා සිටියේ ය.
"අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය බැලුවොත් අඩුම වශයෙන් මිලියන 2.4කට එහාපැත්තෙන් අපිට යන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ peak of peak months. ඒ කියන්නේ අපේ වැඩිම සංචාරකයින් පැමිණෙන මාස දෙක තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ නොවැම්බර් වලින් පටන් ගත්තම දෙසැම්බර් ඉදලා මාර්තු කාලය තමයි අපේ peak of the peak කියන්නේ සංචාරක ව්‍යාපාරය ඇතුලේ. එතකොට දෙසැම්බර් මාසය අතිශය වැදගත් සහ විශාලතම සංචාරක ප්‍රමාණයක් පැමිණෙන්නේ. එතකොට අඩුම වශයෙන් ආවත් අපි බලාපොරොත්තු වෙනවා මිලියන 2.4ක් එයි කියලා. මධ්‍ය වශයෙන් ආවොත් මිලියන 2.45ක් මිලියන 2.5ක් කියන ඉලක්කයට අපිට යන්න පුළුවන්. "
Video Story