February, 20, 2025
2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින්ගේ ප්‍රමාණය 400,000 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් අවසන් වරට නිකුත් කර ඇති නිල සංඛ්‍යාලේඛනවලට අනුව 2025 පෙබරවාරි 16 දින දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 394,574 ක් වේ. ඊට සමගාමීව අද (20) දින දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 400,000 සීමාව ඉක්මවා යාමට හැකිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
2025 පෙබරවාරි මාසයේ පළමු දින 16 තුළ දී ඉන්දියාව (19,861), රුසියාව (17,873), එක්සත් රාජධානිය (15,640), ජර්මනිය (10,017), ප්‍රංශය (9,085) යන රටවලින් වැඩි වශයෙන් මෙරටට සංචාරකයින් පැමිණ තිබේ.
මේ පිළිබඳ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.





Video Story