December, 1, 2025
තිරසාරභාවය සඳහා වන සම්මාන අතරින් ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සම්මාන උළෙලක් වන, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් සංවිධානය කරනු ලබන 2025 හොඳම ආයතනික පුරවැසි තිරසාරත්ව සම්මාන උළෙලෙහි (BCCSA) ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැටන් නැෂනල් බැංකුව සමත් විය.
ගනුදෙනුකරුවන්ගේ අභිවෘද්ධිය, සමාජීය යහපැවැත්ම, පාරිසරික ගුණාත්මකභාවය හා සේවක සුබසාධනය ප්‍රමුඛ කොටගනිමින් දේශයේ තිරසාර සංවර්ධනය උදෙසා හැටන් නැෂනල් බැංකුවෙහි මෙහෙවර නිසි ඇගයීමකට ලක් කරමින් ඉහත සම්මාන උළෙලෙහි සමස්ථ ජයග්‍රහණය ඇතුළුව ප්‍රධාන සම්මාන හතක් HNB වෙත හිමිවිය. මෙමගින් HNB හි පාරිසරික, සමාජීය හා ආයතනික පාලන (ESG) ප්‍රමිතීන් ස්ථාපනය කිරීම වෙනුවෙන් බැංකුව පෙන්නුම් කර ඇති දිගුකාලීන කැපවීම මෙන්ම සාර්ව ආර්ථික තිරසාරභාවය උදෙසා එහි දායකත්වය මැනවින් පිළිබිඹු කරයි.
මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව සිය අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා පැවසුවේ “මේ රටේ සංවර්ධනය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ දායක වන ආයතනයක් ලෙස අපි හැම විටම රටේ ආර්ථිකයට විනයානුකූලව හා ස්ථාවරත්වයකින් යුතුව දිගුකාලීන වටිනාකමක් එක් කිරීමට කටයුතු කර තිබෙනවා. ආර්ථික දායකත්වය, ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය සහ හොඳම තිරසාර ව්‍යාපෘතිය සඳහා වන සම්මානයන් සමඟින් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ආයතනික පුරවැසියා ලෙසින් සම්මානයට පාත්‍රවීම අපේ කණ්ඩායමෙහි අවදානම් කළමනාකරණය, සමාජීය මෙහෙවර හා වගකීම් සහගත වර්ධනය ඇගයීමට ලක් කිරීමක්. තිරසාරභාවය අපේ ජානගතව පවතින්නක්. ඒ තුළින් අපි ක්‍රියාත්මක වන ආකාරය, අපගේ ගනුදෙනුකාර සත්කාරය වගේම අනාගත නැඹුරුවත් හැඩගස්වනවා. මේ පදනම අපි පැහැදිලි ප්‍රමුඛතාවයන්, මිණියහැකි ප්‍රතිඵලයන් සහ වගවීම තුලින් ඉදිරියටත් පවත්වාගෙන යාමට කැපවී සිටිනවා.” යනුවෙනි.
සමස්ථ ජයග්‍රහණයට අමතරව හැටන් නැෂනල් බැංකුව හොඳම ආයතනික පුරවැසියන් දසදෙනා සඳහා වන සම්මානයෙන් පිදුම් ලැබීම, තිරසාරභාවය සඳහා වන උපායමාර්ග සැලැස්ම මෙන්ම ක්‍රමානුකූල පාරිසරික කළමනාකරණය, සමාජීය වගකීම හා ආයතනික යහපාලනය සඳහා වන ඇගයීමකි. එසේම පාරිසරික, සමාජ හා ආර්ථික ඇගයීම් අංශයෙහි (Triple Bottom Line) ආර්ථික දායකත්වය සඳහා වන සම්මානය ද එම අංශයෙහි අඛණ්ඩ වර්ධනය සඳහා වන සම්මානය ද බැංකු විසින් දිනා ගන්නා ලදී. තවද ව්‍යාපාර සංවර්ධනය උදෙසා බැංකුවෙහි මෙහෙවර, මූල්‍ය පද්ධතියෙහි ශක්තිමත්භාවය සඳහා වන දායකත්වය සහ ජාතික තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීම උදෙසා ්‍යභඊ හි කැපවීම මෙම සම්මාන තුළින් අවධාරණය කරයි.
බැංකු ක්ෂේත්‍රයේ හැටන් නැෂනල් බැංකුව සතු ප්‍රමුඛතාවය තවදුරටත් සනාථ කරමින් තිරසාරභාවය සඳහා බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙසින් ද HNB සම්මානයට පාත්‍ර විය.
ඩිජිටල් තාක්ෂණය හා මූල්‍ය සාක්ෂරතාවය තුලින් සුළු පරිමාණ කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීම ඉලක්ක කොටගත් ‘HNB SOLO පොඩි පොඩි බිස්නස්’ ව්‍යාපෘතිය ද මෙම සම්මාන උළෙලෙහි ජයග්‍රාහී ව්‍යාපෘතියක් ලෙසින් අභිසෙස් ලැබීය. අභියෝගාත්මක කාලයන්හිදී පවා ව්‍යාපාර කටයුතු අඛණ්ඩව සිදුකිරීමටත් ඩිජිටල් මෙවලම් භාවිතයෙන් ගනුදෙනු කිරීමටත් මූල්‍ය සාක්ෂරතාවය හා ඉහළ ගනුදෙනුකාර සත්කාරය පිළිබඳ කාන්තා ක්ෂුද්‍ර ව්‍යවසායකයින් හුරුකරවීමත් මෙම ව්‍යාපෘතිය තුළින් දෘශ්‍යමාන වේ. HNB ගැමි පුබුදුව හා HNB සරුසාර වැනි වැඩසටහන් ඔස්සේ ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කෙරෙහි බැංකුව අඛණ්ඩ මෙහෙවරක නියැලෙමින් සිටී.
2025 වසරේ හොඳම ආයතනික පුරවැසියන් සඳහා වන මෙම උළෙලෙහිදී HNB ලබාගත් සමාජ ජයග්‍රහණයන් තුළින් බැංකුවේ පාරිසර තිරසාරභාවය, ආයතනික සමාජ වගකීම, මූල්‍ය අන්තර්ගතභාවය මෙන්ම මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වන දිගුකාලීන සැලැස්ම පෙන්නුම් කරයි. එසේම වගකීම් සහගත ව්‍යාපාරකරණය, සේවක සුබ සාධනය, ඩිජිටල්කරණය හා දේශගුණික විපර්යාසයන්ට ප්‍රතිචාර දැක්වීම යන ක්ෂේත්‍රරයන්හි හැටන් නැෂනල් බැංකුව නව ප්‍රමිතීන් නිර්මාණය කරමින් සිටී.
Video Story