2026 අයවැය ගැන IMF සීරුවෙන්

    October, 9, 2025

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකම (EFF) පිළිබඳ පස්වන සමාලෝචනය සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (09) නිවේදනය කර සිටියේය.

    මේ පිළිබඳ දැනුම් දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou මහතාගේ ප්‍රධානත්වයනේ අද පෙරවරුවේ දී මාධ්‍ය හමුවක් පැවති අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම IMF විධායක මණ්ඩල අනුමැතියට යටත් වීම පහත සඳහන් කරුණු මත රඳා පවතින බව එහිදී සඳහන් කෙරුණි. එනම්,

    (i) වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2026 විසර්ජන පනත් කෙටුම්පත සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම.

    (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සමඟ ප්‍රමාණවත් ප්‍රගතියක් තක්සේරු කිරීම සඳහා මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම.

    විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු, ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254 (ඇමරිකානු ඩොලර් මිලියන 347 ක් පමණ) ලබා ගැනීමට ප්‍රවේශය ලැබෙනු ඇති අතර, එමඟින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙම විස්තීර්ණ ණය පහසුකම යටතේ ලබා දෙන මුළු මූල්‍ය ආධාර ප්‍රමාණය වි.ගැ.හි. මිලියන 1,524 (ඇමරිකානු ඩොලර් බිලියන 2.04 ක් පමණ) දක්වා ඉහළ යනු ඇත.