December, 16, 2025
ආසියානු සංවර්ධන බැංකුව විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව මඟින් එම බැංකුවේ සාමාජික රටවල ණය කළමනාකරුවන්ට රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ අත්දැකීම් බෙදා ගැනීමට, අභියෝග සාකච්ඡා කිරීමට සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට අවස්ථාව සැලසේ.
2026 ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව, ණය කළමනාකරණ මෙහෙයුම්, අභියෝග හා නව ප්‍රවේශයන් කෙරෙහි අවධානය යොමු කරන සමීක්ෂණවලින් හා තාක්ෂණික වැඩමුළුවලින් සමන්විතව දින 4-5ක කාලසීමාවක් තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ සඳහා සාමාජික රටවල මුදල් අමාත්‍යාංශ, මහ බැංකු, ණය කළමනාකරණ කාර්යාල සහ අනෙකුත් අදාළ ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් සහභාගි වීමට නියමිත ය.
රාජ්‍ය ණය කළමනාකරණ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර කීර්තිය වැඩි දියුණු වීම, ආසියානු සාමාජික රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ ද්විපාර්ශ්වික හා කලාපීය සබඳතා ශක්තිමත් වීම, ණය කළමනාකරණ මෙහෙයුම් සඳහා දැනුම හුවමාරුව සහ ධාරිතා වර්ධනය ප්‍රවර්ධනය ආදී ප්‍රතිලාභ මෙම සමුළුවේ සත්කාරකත්වය දැරීම හරහා අත්කර ගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව, 2026 වර්ෂය සඳහා වන ආසියානු කලාපීය රාජ්‍ය ණය කළමනාකරණ සමුළුව 2026 මැයි මාසය අවසානයේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සඳහා සම සත්කාරකත්වය දැරීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story