2026 කොළඹ නවම් මහා පෙරහැර සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හා කොළඹ ගංගාරාමය විහාරස්ථානය එක්ව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපෘතියක්යක් දියත් කරයි

    January, 15, 2026

    දෙස් විදෙස් ගෞරවයට පාත්‍රවන ආගමික සහ සංස්කෘතික මංගල්‍යයක් වන කොළඹ නවම් මහා පෙරහැර 2026, ජාත්‍යන්තර සංස්කෘතික මංගල්‍යයක් ලෙසින් සහ කොළඹ නගරය සංචාරක හා සංස්කෘතික ගමනානතයක් වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් එයාර්ලයින්ස් ආයතනය සහ කොළඹ හුණුපිටිය ගංගාරාමය විහාරස්ථානය එක්ව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කිරීමට මුලපුරනු ලැබීය. ඒ, ලෝකයේ විවිධ ගමනාන්ත වෙත පියාසරන දූතයෙකු ලෙස ගුවන් සමාගමට අයත් Airbus A320neo ගුවන් යානය, ශ්‍රී ලංකාවේ ජීවමාන සංස්කෘතික උරුමය සහ පෙරහැරේ විචිත්‍රත්වය විදහාපාන අයුරින් ප්‍රචාරණ දූතයෙකු බවට පරිවර්තනය කරමිනි.

    මෙලෙසින් විශේෂයෙන් අලංකරණය කරන ලද ගුවන් යානය මගින් ශ්‍රීලංකන් ගුවන් සේවය, නවම් මහා පෙරහැරේ කීර්තිය, ප්‍රෞඩත්වය සහ සංස්කෘතික අනන්‍යතාවය සිය ජාත්‍යන්තර මාර්ගගත සේවා ජාලය පුරා ගෙනයනු ලබයි. මෙම මුලපිරීම මඟින් නවම් පෙරහැර යනු, පූජනීය බෞද්ධ පෙරහැරක් ලෙස පමණක් නොව, ප්‍රධාන සංස්කෘතික හා සංචාරක ආකර්ෂණයක් ලෙසද ස්ථානගත කරන අතරම, කොළඹ යනු උරුමයේ, සංහිදියාවේ සහ සම්ප්‍රදායේ ගමනාන්තයක් ලෙසද ඉස්මතු කරවයි.

    ගංගාරාමය විහාරස්ථානය මගින් සංවිධානය කරනු ලබන නවම් මහා පෙරහැර, එහි ඓතිහාසික වැදගත්කම, ආගමික වශයෙන් වන පිළිගැනීම සහ සංස්කෘතිකමය උත්කර්ෂවත් බව පිළිබඳව ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත. මෙරට සංස්කෘතියේ විශිෂ්ත්ටත්වය ලොව පුරා ප්‍රචලිත කිරීම සඳහා ගුවන් සේවය ප්‍රබල වේදිකාවක් ලෙසින් හඳුනාගත් පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ විසින් මෙම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරණය පිළිබඳව වන මූලික සංකල්පය ඉදිරිපත් කරනු ලැබීය.

    නවම් මහා පෙරහැර කමිටුවේ, විහාරස්ථ දායක බැතිමතුන්ගේ, අනුග්‍රාහකභවතුන්ගේ සාමූහික ප්‍රයත්නයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ආයතනික සහයෝගීතාවය සමග ශ්‍රීලංකන් ගුවන් සේවයේ පූර්ණ සහයෝගය තුළින් මෙම මුලපිරීම සාර්ථකව සාක්ෂාත් කර ගැනීමට හැකි වී තිබේ. මෙම ජාත්‍යන්තර ගුවන් යානා ප්‍රචාරණ මුලපිරීම සඳහා ගංගාරාමය විහාරස්ථානය සහ නවම් මහා පෙරහැර කමිටුව විසින් පූර්ණ අරමුදල් දායකත්වය සපයන ලද අතර, එමඟින් පිළිබිඹුවන්නේ ශ්‍රී ලංකාවේ ආගමික හා සංස්කෘතික උරුමය ගෝලීය තලයේ සුරක්ෂිත කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා විහාරස්ථානයේ සහ එහි බැතිමතුන්ගේ කැපවීමයි.

    මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා, ශ්‍රීලංකන් ගුවන් සේවය සිය ආයතනික ව්‍යුහයේ සියලු ස්ථර හරහා සහයෝගය ලබා දෙන ලදී. මෙම සංස්කෘතික දැක්ම යථාර්ථයක් බවට පරිවර්තනය කිරීම සඳහා එ්කාබද්ධවූ විශේෂඥ දැනුම සහ කැපවීම සඳහා ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හී සභාපතිතුමන්, අධ්‍යක්ෂ මණ්ඩලය, ජ්‍යේෂ්ඨ කළමණාකාරීත්වය, ඉංජිනේරු හා තාක්ෂණික කණ්ඩායම්, නිර්මාණ ශිල්පීන්, මෙහෙයුම් කාර්යය මණ්ඩලය සහ ඉදිරිපෙළ සේවකයින් විශේෂයෙන් අගය කළ යුතුය.

    පසුගියදා, පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ නවම් මහා පෙරහැර කමිටු සාමාජිකයින් සමගින් කටුනායක පිහිටි ශ්‍රීලංකන් එයාර්ලයින්ස් හී ඉංජිනේරු සහ මෙහෙයුම් පර්යන්තයෙහි සංචාරයක යෙදුණු අතර ඒ සඳහා ගංගාරාමය විහාරස්ථානයෙහි නේවාසිකව වැඩවාසය කරන සාමනේර භික්ෂූන්වහන්සේලා ද සහභාගී වූහ. මෙම සංචාරයේදී, දූත පිරිස ගුවන් යානා සන්නාමකරණ කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කළ අතර, ශ්‍රීලංකන් ගුවන් සේවයේ කණ්ඩායමට ආශිර්වාද පතමින්, ඔවුන්ගේ වෘත්තීයභාවය සහ කැපවීම ද අගය කළහ.

    මෙලෙසින් Airbus A320neo නගරයෙන් නගරයට, සංස්කෘතියෙන් සංස්කෘතියට පියාසර කිරීමේදී ගංගාරාමය විහාරස්ථානය පිළිබඳව මෙන්ම, නවම් මහා පෙරහැර පිළිබඳව පුවත ලෝකයට රැගෙන යන අතර එමගින් ශ්‍රී ලංකාවේ දිගුකල් පවත්නා සංස්කෘතික වටිනාකම් පිළිබඳව ලෝකයට රැගෙන යයි. එමගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත කිරීම මෙන්ම ඇදහිලි, උරුමය සහ සංස්කෘතික අභිමානය පිළිබඳ ගමනාන්තයක් ලෙස රටේ ප්‍රතිරූපය ශක්තිමත් කිරීමත් සිදුවෙයි.

    2026 කොළඹ නවම් මහා පෙරහැර පැවැත්වීමට පෙරාතුව, ගෝලීය වේදිකාවේ ශ්‍රී ලංකාවේ නාමය ඉහළ නැංවීම සඳහා ආගම, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය සහ ජාතික ගුවන් සේවා යන අංශ එකට එක්ව කටයුතු කළ හැකි ආකාරය පිළිබඳ ප්‍රබල උදාහරණයක් ලෙස මෙම මුලපිරීම හැඳින්විය හැකිය.

    Video Story

    Stock Market

    Exchange Rates