February, 7, 2026
2026 ජනවාරි මාසයේ දී විදෙස්ගත සේවා නියුක්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 751.1 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
මෙය 2025 ජනවාරි මාසයේ දී මෙරටට ලැබී තිබුණු ප්‍රේෂණ ප්‍රමාණය වූ ඩොලර් මිලියන 573 හා සැසඳීමේ දී 31.1% ක කැපීපෙනෙන ඉහළයාමකි.
මේ අතර මේ දක්වා ඉතිහාසයේ කැලැන්ඩර් වර්ෂයක් තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය පසුගිය 2025 වසරේ දී ලැබී තිබුණු අතර එම වටිනාකම ඩොලර් බිලියන 8.07ක් වේ.
එහිදී ඉතිහාසයේ තනි මාසයක් තුළ ලැබී ඇති වැඩිම ප්‍රේෂණ ප්‍රමාණය 2025 දෙසැම්බර් මාසයේ දී වාර්තා වී ඇති අතර එහි අගය ඩොලර් මිලියන 879.1ක් වේ. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව මේ සම්බන්ධයෙන් පවසන්නේ, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණවලට දිට්වා සුළි කුණාටුවෙන් පසුව ලැබුණු ප්‍රේෂණ වැනි වෙනත් ප්‍රේෂණ ද ඇතුළත් විය හැකි බවයි.
Video Story