March, 12, 2026
Havelock City Mall වෙතින් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන්, කාන්තාවන් සඳහාම පමණක් වෙන්වූ විශේෂ සිනමා දර්ශනයක් පවත්වන ලදී. මෙරට සිනමා ක්ෂේත්‍රයේ කාන්තාවන් සඳහාම වෙන්වූ මෙවැනි සුවිශේෂී මූලාරම්භයක් සිදුකළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය සැලකෙන අතර, එමගින් ජාත්‍යන්තර කාන්තා දිනයේ සැබෑ අරුත සහ කාන්තා අභිමානය මනාව තහවුරු කෙරිණි.
Havelock City Mall හි පිහිටි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්වුණු මෙම සුවිශේෂී උත්සවයේදී, ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය සිනමා සිත්තමක් වන 'ගැහැනු ළමයි' චිත්‍රපටය නොමිලේ ප්‍රදර්ශනය කෙරිණි. Overseas Realty (Ceylon) PLC හි සභාපතිනී ආචාර්ය රාණි ජයමහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ ආරාධිත අමුත්තන්, කලාකරුවන්, Havelock City Mall කාර්ය මණ්ඩලය සහ පාරිභෝගිකයින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම වඩාත් සුවිශේෂීව සමරනු ලැබීය.
මෙම උත්සවයේ අරමුණ සහ සංකේතාත්මක වැදගත්කම තහවුරු කරමින් අමුත්තන් දම් පැහැයෙන් සැරසී සහභාගී වූ අතර මෙරට ප්‍රථම චිත්‍රපට අධ්‍යක්ෂිකාව වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මියගේ අගනා කෘතියක් වන 'ගැහැනු ළමයි' චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම මගින්, කාන්තා ජීවිතවල පවතින සමාජීය සහ සංස්කෘතික ගැඹුර පිළිබඳව අර්ථවත් සංවාදයක් ගොඩනැගීමට Havelock City Mall කටයුතු කළේය. ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස් පදනමේ වටිනා සහයෝගය මත මෙම සුවිශේෂී මූලාරම්භය සාර්ථකව දියත් කිරීමට හැකි විය.
Havelock City Mall හි සහකාර සාමාන්‍යාධිකාරිනී අවන්ති ද සොයිසා මහත්මිය මේ පිළිබඳව මෙසේ තම අදහස් දැක්වීය.
"මෙම ආයතනයේ කාන්තා කළමනාකාරිනියක ලෙස මම මෙම සිනමා දැක්ම ගැන ඉතා සතුටු වෙනවා. තම පවුල වෙනුවෙනුත්, සමාජය සහ රට වෙනුවෙනුත් වෙහෙස මහන්සි වී වැඩ කරන කාන්තාවන්ට ලබා දෙන ගෞරවයක් ලෙසයි අපි මෙය දකින්නේ. අපි උත්සාහ කළේ කාන්තාවන්ගේ දිනය සැමරුමකට පමණක් සීමා නොකර, ජීවිතයේ සෑම අංශයකම ඔවුන් ඉටු කරන සුවිශේෂී මෙහෙවර ජීවිතයේ සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන් ඇති කරන ගැඹුරු බලපෑම පිළිගැනීම සඳහා අවකාශයක් ලබා දීමටයි."
සිය අදහස් දක්වමින් Overseas Realty (Ceylon) PLC, හි ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීර් සමරසිංහ මහතා මෙසේ පැවසීය.
"අපේ අරමුණ වුණේ සංස්කෘතිකමය වශයෙන් වටිනාකමක් ඇති යමක් සිදු කිරීමයි. "ගැහැනු ළමයි" සිනමාපටය කාන්තාවන්ට පමණක් ප්‍රදර්ශනය කිරීම මගින්, ආරක්ෂිත පරිසරයක් තුළ ශ්‍රී ලංකාවේ සම්භාවනීයම චිත්‍රපටයක් ඔස්සේ ස්ත්‍රීත්වයට උපහාර දැක්වීමට අපට හැකි වුණා."
Havelock City Mall තුළ පිහිටි ස්කෝප් සිනමාස්, ශ්‍රී ලංකාවේ විශාලතම (IMAX තාක්ෂණය සහිත) තිරය ඇතුළුව තිර 6කින් සහ අසුන් 1,100ක ධාරිතාවයකින් සමන්විත ලෝක මට්ටමේ සිනමා සංකීර්ණයකි.
සිනමා දර්ශන වාරයට අමතරව, Havelock City Mall විසින් සංවිධානය කළ කාන්තා දින සති අන්තය තුළ විශේෂ සජීවී විනෝදාස්වාද වැඩසටහන් සහ තේමාත්මක ක්‍රියාකාරකම් රැසක් ද පැවැත්විණි. සිය පාරිභෝගිකයින්ට අර්ථවත් හා සුවිශේෂී අත්දැකීම් ලබා දෙන ප්‍රමුඛ පෙළේ ජීවන රටා ගමනාන්තයක් ලෙස තම නාමය ඉදිරියට ගෙන යාමට Havelock City Mall මෙමගින් සමත් විය.
මෙම සුවිශේෂී උත්සවය සාර්ථක කර ගැනීමට සහයෝගය දැක්වූ සියලුම පාර්ශවකරුවන්ට, අමුත්තන්ට සහ කාන්තාවන්ට Havelock City Mall වෙතින් හෘදයාංගම ස්තූතිය පුද කරයි.
Video Story