January, 12, 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (12) දිනයේ දී ඒකක 45.79ක පහළ යාමක් වාර්තා කරන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 23,608.51ක් ලෙසින් වාර්තා විය. 2026 වසරේ පළමු වරට කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් මෙලෙස අද දිනයේ දීය.
මේ අතර S&P SL20 දර්ශක අගය දිනය තුළ ඒකක 0.57කින් පහළ ගොස් ඒකක 6,502.45ක් ලෙසින් සටහන් විය.
රු. බිලියන 5.21ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.
