2026 මාර්තු මාසයේ සිට නවතම Samsung ශීතකරණ හා වායු සමීකරණ යන්ත්‍ර මිලදී ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදා වෙයි

    March, 18, 2026

    2026 මාර්තු 1 වැනිදා සිට ශ්‍රී ලාංකේය ගෘහ විදුලි උපකරණ වෙළෙඳපොට නවතම ගෘහ උපකරණ නිෂ්පාදන පෙලක් හඳුන්වාදීමට Samsung Sri Lanka කටයුතු කරන ලදී. බලශක්ති කාර්යක්ෂමතාව, නවතම තාක්ෂණය සහ ප්‍රායෝගිකත්වය පිළිබඳව අවධානය යොමු කරමින් හඳුන්වා දෙනු ලැබූ මෙම නිෂ්පාදන පෙළ අතරට ආකර්ෂණීය Double Door Inverter No Frost ශීතකරණ දෙකක් සහ Twin Inverter වායුසමීකරණ යන්ත්‍රයක් ඇතුළත් වේ. දිනෙන් දින වෙනස් වන ශ්‍රී ලාංකේය නිවාස අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් Samsung Sri Lanka මෙම නවතම නිෂ්පාදන වෙළෙඳපොලට හඳුන්වාදීමට කටයුතු කර ඇත.

    හඳුන්වාදෙනු ලැබූ මෙම නවතම ශීතකරණ නිෂ්පාදන පෙලෙහි විශේෂත්වය වන්නේ එදිනෙදා භාවිතයට වඩාත් ගැලපෙන විශේෂාංග රැසක් ඊට ඇතුලත් වීමයි. Samsung හි Digital Inverter තාක්ෂණයෙන් යුත් මෙම නවතම ශීතකරණ ඉල්ලුමට අනුව සිසිලන හැකියාව ලබා දෙන අතරම බලශක්ති පරිභෝජනය අවම කිරීමද සමත් වනු ඇත්තේ පාරිභෝගිකයා තුළ දිගු කාලීන විශ්වාසයක් ජනිත කරමිනි. මෙහි ඇති No Frost තාක්ෂණය හේතුවෙන් අයිස් බැඳීමකින් තොරව ඒකාකාරී උෂ්ණත්වයක් ශීතකරණය පුරා ගෙන යාමට සමත් වන බැවින් පහසුවෙන් භාවිත කිරීමට මෙන්ම වියදම් අවම කිරීමටද හේතුවක් වනු ඇත.

    මෙම ශීතකරණ අතර කුඩා හා මධ්‍ය පරිමාණ පවුල් සඳහා වඩාත් ගැලපෙන ලීටර් 253ක ධාරිතාවයකින් යුත් RT40H28WNQIG මාදිලිය පහසුවෙන් හැසිරවිය හැකි Slide Shelf කින් සහ පහසුවෙන් අයිස් සකස් කර ගැනීමට හා ගබඩා කිරීමට හැකි Twist Ice Maker එකකින්ද සමන්විත වේ. අවුරුදු සමයේ නිවසට නව පෙනුමක් එක් කර ගැනීම සඳහා රුපියල් 159,999ක උපරිම සිල්ලර මිලකට මෙය මිලදී ගැනීමට හැකි වේ.

    ලීටර් 275ක ධාරිතාවකින් යුත් RT40H30WNPIG ශීතකරණ මාදිලිය වැඩි ඉඩක් සහිත ශීතකරණයක් අවශ්‍ය නිවසකට වඩාත් ගැලපේ. සුසිනිඳු නිමාවකින් යුත් ආකර්ෂණීය පෙනුමකින් හඳුන්වා දී ඇති මෙම මාදිලිය රුපියල් 189,999කට මිලදී ගත හැකි වේ.

    ශීතකරණයන්ට අමතරව Samsung Sri Lanka වෙතින් හඳුන්වාදුන් නවතම AR50H12D1JH/IG Twin Inverter වායුසමීකරණ යන්ත්‍රය සමඟින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලේ වායු සමීකරණ නිෂ්පාදන පෙල තවදුරටත් ඉහළ නැංවීමට Samsung Sri Lanka සමත් විය. 12,000 BTU ලෙස ශ්‍රේණිගත කර ඇති එය බලශක්ති භාවිතය අවම කිරීම හා කාර්යක්ෂම සිසිලන හැකියාවක් ලබා දීම වෙනුවෙන්ම නිෂ්පාදනය කර ඇත.

    Samsung SmartThings හරහා Wi-Fi සබඳතාවයක් ලබා දීම තුලින් ඒකාබද්ධ කිරීමේ හැකියාව සහතික මෙම නවතම ශීතකරණ මාදිලිය ස්මාර්ට් ජංගම දුරකතනයක් හරහා දුරස්ථව සිසිලනය පාලනය කිරීමට හා නිරීක්ෂණය කිරීමටද හැකිවීම මහත් පහසුවක් වනු ඇත. එහි ඇති AI Energy Mode හේතුවෙන්  පාරිභෝගික භාවිතය අනුව බලශක්ති පරිභෝජනය ඉහළ නැංවීමට උපකාරී වේ.  එමෙන්ම එහි ඇති 100%ක තඹයෙන් නිමවා ඇති කන්ඩෙන්සර් සහ DuraFin Ultra තාක්ෂණය නිෂ්පාදනය මල බැඳීමට එරෙහිව සටන් කරමින්  මනා කල්පැවැත්මක් සහතික කරනු නිසැකය. මෙම නවතම වායු සමීකරණ යන්ත්‍රය රුපියල් 209,999කට මිලදී ගැනීමට හැකි වනු ඇත.

    මෙම හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung Sri Lanka සමාගම සඳහන් කර සිටියේ පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවිතය නගා සිටුවීම සඳහා වන නවෝත්පාදන ලබා දීමේ සමාගමේ අඛණ්ඩ කැපවීම මෙම නවතම හඳුන්වාදීම් තුලින් පිළිබිඹු වන බවයි. වත්මන් නිවාසයන්ට වඩාත් ගැලපෙන නිර්මාණ ප්‍රමිතීන් අනුව යමින් කාර්යසාධනය, කාර්යක්ෂමතාව හා පරිශීලක පහසුව ගෙන එන නිෂ්පාදන හඳුන්වා දීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කර ඇති Samsung පාරිභෝගික නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් වර්ධනයක් අත්කර ගෙන ඇති බවද සමාගම පවසා සිටියි.

    ගෝලීය වශයෙන් අන්තර්ජාලය සමඟ සම්බන්ධ හා බලශක්තිය පිළිබඳ වඩාත් සැලකිලිමත් නිවාස විසඳුම් ඉදිරිපත් කිරීම සඳහා වඩාත් ප්‍රසිද්ධියක් උසුලන Samsung Consumer පාරිභෝගිකයින්ට වඩාත් ගැලපෙන නිෂ්පාදන සමඟ Smart සම්බන්ධතා එක් කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. දේශීය වශයෙන් ශීතකරණ, වායුසමීකරණ සහ අනෙකුත් ගෘහ විදුලි උපකරණ හරහා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින්ගේ ජීවන රටාව, ස්වභාවය හා භාවිත කරන ආකාරයන් පරිවර්තනයට ලක් කිරීමට Samsung කටයුතු කර ඇත්තේ සිය සන්නාම විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කරමිනි.

    අලුතින් හඳුන්වා දෙනු ලැබූ Samsung ශීතකරණ හා වායුසමීකරණ නිෂ්පාදන පෙළ දිවයින පුරා පිහිටි සිංගර්, සිංහගිරි, දම්රෝ සහ සොෆ්ට්ලොජික් ඇතුලු Samsung හි බලයලත් බෙදාහරින්නන් මඟින් දැන් මිලදී ගත හැකිය. පාරිභෝගික පහසුව වෙනුවෙන් පහසු ගෙවීමේ ක්‍රම හා පොලී රහිත ක්‍රෙඩිට්කාඩ් වාරික සැලසුම් යටතේ මිලදී ගැනීමේ අවස්ථාවද මෙහිදී උදා කර දී තිබේ.