April, 2, 2026
2026 පළමු කාර්තුව අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,092.24ක් ලෙසින් වාර්තා විය.
මෙය වසර ආරම්භය හා සැසඳීමේ දී 6.89%ක පහළ යාමක් වේ.
මෙම කාලය තුළ දී මෙතෙක් ඉතිහාසයේ වාර්තා වුණු ඉහළම සියලු කොටස් මිල දර්ශක අගය වන ඒකක 23,992.11 මෙම කාර්තුව තුළ දී වාර්තා වී ඇති අතර 2024 ජනවාරි 28 දින එම අගය වාර්තා වී තිබේ.
මේ අතර S&P Sri Lanka 20 දර්ශකයට අනුව 2026 පළමු කාර්තුව තුළ දී 4.11%ක පහළ යාමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී ඇත.
Video Story