March, 16, 2026
මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ ජාතික උපාය මාර්ගයෙහි දෙවන අදියර සංවර්ධනය කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අන්තර්ගතභාවය පිළිබඳ දත්ත සහ තොරතුරු රැස් කිරීම සඳහා දීප ව්‍යාප්ත සමීක්ෂණයක් දියත් කිරීමට අවශ්‍ය කටයුතු සංවිධානය කර ඇත.
මූල්‍ය උපකරණ හා සේවා පිළිබඳ දැනුම්වත්භාවය, ඒවායේ භාවිතරටාවන් සහ මූල්‍ය සේවා සඳහා ප්‍රවේශ වීමට ඇති බාධාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ අරමුණ ඇතිව, රටේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි තෝරා ගත් ග්‍රාම නිලධාරී කොට්ඨාස 480 ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම සමීක්ෂණය පවත්වනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සමීක්ෂණ ආයතනයක් වන කැන්ටර් ලංකා (පුද්) ආයතනය විසින් මෙම සමීක්ෂණය මෙහෙයවනු ලබයි.
මෙම සමීක්ෂණයේ අරමුණු සාර්ථක කරගැනීම සඳහා ඔබගේ උපරිම සහයෝගය සහ වටිනා කාලය ලබාදෙන මෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Video Story