March, 30, 2026
Sensodyne නිෂ්පාදකයන් වන Haleon Lanka පුද්ගලික සමාගම, 2026 ලෝක මුඛ සෞඛ්‍ය දිනය සැමරීම වෙනුවෙන් දිවයින පුරා ඉහළ ජනතා සහභාගීත්වයක් ඇතිව මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වැඩසටහන් මාලාවක් සාර්ථකව පවත්වන ලදී. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ හවුල්කාරිත්වයෙන් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන් මාලාව අතරට, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ නොමිලේ දන්ත පරීක්ෂණ මගින් ශ්‍රී ලාංකිකයන් මිලියන ගණනක් වෙත සේවාව සලසන්නට අවස්ථාව උදා කරගන්නා ලදී. දන්ත සංවේදීතාව (Dental Sensitivity) සඳහා ලොව ප්‍රමුඛතම දන්තාලේප සහ දත්බුරුසු සන්නාමයක් වන Sensodyne, ලොව පුරා දන්ත සංවේදීතාවයට ඇති ප්රමුඛ පෙළේ විසඳුමක් ලෙස පිළිගත් නිෂ්පාදනයකි. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය සමඟ සහයෝගීතාවයෙන් සංවිධාන කළ මෙම වැඩසටහන් මාලාව තුළින්, ශ්‍රී ලංකාව තුළ මුඛ සෞඛ්‍ය අධ්‍යාපනය සහ එම සේවාවන් ලබා ගැනීමේ පහසුව තහවුරු කිරීමට Haleon සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු තහවුරු කර ඇත.
‘#BeSensitivetoOralHealth: Take the first step යන තේමාව යටතේ ක්‍රියාත්මක වූ මෙම දීපව්‍යාප්ත වැඩසටහන, මුඛ සෞඛ්‍යයේ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීමටත්, යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු සඳහා මුල් පියවර තැබීමට ශ්‍රී ලාංකිකයන් උනන්දු කිරීමටත් ඉලක්ක කරන ලදී. මෙම වැඩසටහන විශේෂයෙන් අවධානය යොමු කළේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට බලපාන පොදු තත්ත්වයක් වන දන්ත සංවේදීතාව (Dental Sensitivity) කෙරෙහි ය. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) සාමාජිකයන් විසින් පවත්වනු ලැබූ අධ්‍යාපනික සැසි හරහා නිවැරදිව දත් මැදීමේ ක්‍රම, නිතිපතා දන්ත පරීක්ෂණ සිදුකිරීමේ වැදගත්කම සහ සංවේදී දත් කළමනාකරණය සඳහා විශේෂ උපදෙස් ලබාදීම වැනි දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් මෙම පුළුල් වැඩසටහන් මාලාවට ඇතුළත් විය. මීට අමතරව, දීප ව්‍යාප්තව පවත්වන ලද දන්ත පරීක්ෂණ සායන මගින් 10,000කට අධික පිරිසකට නොමිලේ වෘත්තීය දන්ත පරීක්ෂාවන් සහ පෞද්ගලිකවම දන්ත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට ද අවස්ථාව සලසා දෙන ලදී.
මෙම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක මහතා, “ජාතික වැදගත්කමක් ඇති මෙම වැඩසටහනට සහය වීම සඳහා Haleon Lanka සමාගම දක්වන අඛණ්ඩ කැපවීමට අපගේ අවංක ස්තූතිය පිරිනමනවා. ඔවුන්ගේ සක්‍රීය මැදිහත්වීම සහ පුළුල් සම්පත් දායකත්වය 2026 ලෝක මුඛ සෞඛ්‍ය දින ක්‍රියාකාරකම්වල සාර්ථකත්වයට බෙහෙවින් ඉවහල් වුණා. මහජන සෞඛ්‍යය නංවාලීම සඳහා පෞද්ගලික අංශය සහ දන්ත වෛද්‍ය වෘත්තිය අතර පවතින ශක්තිමත් හවුල්කාරිත්වයේ වටිනාකම මෙයින් මනාව පැහැදිලි වෙනවා.”
Haleon Lanka පුද්ගලික සමාගමේ වාණිජ අධ්යක්ෂ මංජුල වීරකෝන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය: "මුඛ සෞඛ්‍යය යනු සෞඛ්‍යය යහපැවැත්මේ වැදගත් අංගයක් වුවත්, ශ්‍රී ලංකාව තුළ එය බොහෝ විට නොසලකා හරින කාරණයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය (SLDA) සමඟ පවතින සමීප සහයෝගීතාවය හරහා දිවයින පුරා මුඛ සෞඛ්‍යය නංවාලීමේ ප්රමුඛ කාර්යභාරයක් ඉටු කිරීමට ලැබීම පිළිබඳව Haleon සමාගම ලෙස අප ඉතාමත් ආඩම්බර වනවා. අප එක්ව ජනතාව දැනුවත් කරමින් සහ මුඛ සත්කාරය දෛනික පුරුද්දක් බවට පත් කර ගැනීමට ජනතාව උනන්දු කරවන්නට කටයුතු කළා. මෙම මෙහෙවරට සහය වූ, Haleon සමාගමේ ප්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සන්නාමය වන Sensodyne, දන්ත සංවේදීතාව සඳහා විශ්වසනීය විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් සුවපහසු ලෙස නිරෝගී සිනහවක් භුක්ති විඳීමට කවදත් උපකාරී වූ සන්නාමයක්.”
මුඛ සෞඛ්‍ය දිනයෙන් පසුවද යහපත් මුඛ සෞඛ්‍යයක් කරා යන මෙම ගමන අඛණ්ඩව පවත්වාගෙන යාම සහතික කරමින්, වසර පුරා ක්‍රියාත්මක වන තවත් වැඩසටහන් දියත් කිරීමට සමාගම සැලසුම් කර ඇත.


Video Story