December, 29, 2025
අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව තිබේ.
මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකගෙන ඇත්තේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන ස්ථාන පෙරමුනේ පසු වේ.
මෙම ශ්‍රේණිගත කිරීම දත්ත විශ්ලේෂණයන් ඔස්සේ සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවදානය යොමුව තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ පුරාණ නටඹුන්, බොහෝ ජනප්‍රිය ආසියානු ගමනාන්තවල දක්නට ලැබෙන අධික සංචාරක තදබදය අවම වීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව ඇත.
"ඉන්දියාවේ දකුණු කෙළවරට වන්නට පිහිටා ඇති ශ්‍රී ලංකාව නම් දූපත් රාජ්‍යය තුළ ආසියාවේ වඩාත් ජනප්‍රිය ගමනාන්ත, වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ නටඹුන්වලින් සමන්විතය. ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන 26ක් ඇති අතර, ඒවායින් බොහොමයක් අලි ඇතුන්, දිවියන් සහ වලසුන් හමුවීමට සෆාරි විනෝද චාරිකාවක් සඳහා සුදුසු වේ. මේ අතර, අඩි 600ක් උස බලකොටුවක් වන සීගිරිය මෙන්ම පොළොන්නරුවේ විහාරස්ථාන වැනි පුරාණ ස්ථාන එහි ආකර්ෂණය තවත් වැඩි කරයි. තල් ගස්වලින් වැසී ඇති රන්වන් වෙරළ තීරයන් වඩාත් සැහැල්ලු නිවාඩුවක් සොයන අයට කිසි විටෙකත් එතරම් දුර නොවේ." ලෙස එම වාර්තාවේ ශ්‍රී ලංකාව පිළිබඳ අදහස් දක්වා තිබේ.
ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ 'U.S. News & World Report' වාර්තාවට අනුව, 2026 සඳහා ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 20 පහතින් දැක්වේ:
1. ෆුජි කන්ද, ජපානය
2. ටෝකියෝ, ජපානය
3. පලවාන්, පිලිපීනය
4. සෝල්, දකුණු කොරියාව
5. ශ්‍රී ලංකාව
6. චියැං මායි, තායිලන්තය
7. භූතානය
8. හැනෝයි, වියට්නාමය
9. බාලි, ඉන්දුනීසියාව
10. ෆුකෙට්, තායිලන්තය
11. කියෝතෝ, ජපානය
12. සියම් රීප්
13. ඔසාකා, ජපානය
14. ක්වාලාලම්පූර්, මැලේසියාව
15. හොංකොං
16. මාලදිවයින
17. සිංගප්පූරුව
18. ජායිපූර්, ඉන්දියාව
19. ලැන්කාවි, මැලේසියාව
20. අග්‍රා, ඉන්දියාව
Video Story