2026 වසරේ පළමු දින 8 තුළ 67,000 ඉක්ම වූ සංචාරකයින් පිරිසක් මෙරටට

    January, 12, 2026

    2026 වසරේ පළමු දින 8 තුළ 67,762ක සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    එම දින 8 තුළ ඉහළම සංචාරක පැමිණීම ජනවාරි 6 වන දින වාර්තා වී ඇති අතර එදින මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව දැක්වෙනුයේ 9,275ක් ලෙසයි.

    එම කාල සීමාව තුළ ඉන්දියාව, 11,367ක වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති රට ලෙස වාර්තා වී ඇති අතර රුසියාවෙන් 8,425ක්, එක්සත් රාජධානියෙන් 6,067 සහ ජර්මනියෙන් 5,306ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.