2026 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ සිට කොළඹට එන පළමු ඕස්ට්‍රේලියානු ගුවන් සේවය Jetstar

    December, 9, 2025

    ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මූලස්ථානය කරගත අඩුමිල ගුවන් සේවයක් වන Jetstar, ලබන වසරේ අගෝස්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාව සහ කොළඹ අතර අඩු මිල ගුවන් සේවා ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. Jetstar යනු ඕස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය වන Qantas හි පූර්ණ අනුබද්ධ ගුවන් සේවයකි.

    Jetstar විසින් ක්‍රියාත්මක මෙම නව සේවාව 2026 අගෝස්තු 25 වන දින ආරම්භ වන අතර ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් සිට ශ්‍රී ලංකාවේ කොළඹට සෘජුවම පියාසර කරන එකම අඩු වියදම් ගුවන් සේවය මෙන්ම පළමු ඕස්ට්‍රේලියානු ගුවන් සේවය බවට ද එය පත් වනු ඇත.

    Jetstar සතු Boeing 787 ඩ්රීම්ලයිනර් යානා සමූහය සමඟින් ඕස්ට්‍රේලියාවේ සිට කොළඹ දක්වා සෑම සතියකම ගුවන් ගමන් සේවා 3ක් ක්‍රියාත්මක කිරීමට මෙහිදී කටයුතු කර ඇත.

    මෙමඟින් සෑම වසරකම අවම ගුවන් ගාස්තු යටතේ ආසන 100,000ක් වෙන් කර ගැනීමේ හැකියාව සංචාරකයින් වෙත උදා කර දී ඇත.