March, 23, 2026
කොකා-කෝලා ශ්‍රී ලංකා 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ තාරුණ්‍යයේ සිසිල් බීම සන්නාමය’ (Youth Choice Beverage Brand of the Year) ලෙස අඛණ්ඩව පස්වන වරටත් සම්මානයට පාත්‍ර විය.
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ Kantar එක්ව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල පාරිභෝගිකයින්ගේ සෘජු මනාපය මත පදනම්ව සම්මාන තීරණය කරනු ලබන මෙරට ප්‍රමුඛතම සම්මාන උළෙලකි. මෙම සම්මාන මගින් මහජන මතය පදනම් කරගනිමින් විවිධ අංශ යටතේ සන්නාම ඇගයීමට ලක් කෙරේ. මෙම ගෞරවනීය සම්මාන උළෙල මගින් දිවයින පුරා සිටින පාරිභෝගිකයින් සන්නාමයන් කෙරෙහි දක්වන කැමැත්ත සහ ඔවුන්ගේ සැබෑ රුචිකත්වය මැනවින් පිළිඹිබු වේ.
ඉක්මනින් වෙනස්වන පුරුදු, නවීන තාක්ෂණික මෙවලම් භාවිතය මෙන්ම නව ප්රවණතා හා සම්ප්රදායන්ගෙන් බලපෑමට ලක්ව සිටින පාරිභෝගික කාණ්ඩායමක් වන තරුණ පරපුර අතරින් කොකා-කෝලා ශ්‍රී ලංකා මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයකි. එවැනි වෙනස් වන පරිසරයක් තුළ පවා අඛණ්ඩව වසර පහක් පුරාවටම තරුණ පරපුරේ ප්‍රියතම සන්නාමයක් ලෙස රැඳී සිටීමට කොකා-කෝලා ශ්‍රී ලංකා සමත් වී ඇත. එමෙන්ම, ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ වැදගත් අවස්ථාවන්හි අනිවාර්ය කොටස්කරුවෙකු වීමටද කොකා-කෝලා සන්නාමයට හැකි වී තිබේ.
මෙම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් කොකා-කෝලා සමාගමේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රධානියා වන මාරියෝ පෙරේරා මහතා පැවසුවේ “ආරම්භයේ සිටම අපගේ අරමුණ වූයේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ජීවත් වන ආකාරය, ඔවුන් අන් අය සමඟ සබඳතා පවත්වන ආකාරය සහ ඔවුන් කාලය ගත කරන ආකාරය පිළිබඳව අවබෝධ කර ගැනීමයි- ඔවුන්ගේ බලාපොරොත්තු සහ අවශ්‍යතා නිරන්තරයෙන් වෙනස් වන බව අපි දන්නවා. අපට ලැබුණු මෙම ඇගයීම එම අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක්. ඒවගේම, ජනතාව සහ ප්‍රජාවන් සමඟ අර්ථවත් ලෙස සම්බන්ධ වීමට අප ඉදිරියටත් කැපවනවා.” යනුවෙනි.
සිසිල් බීම සන්නාමයක් ලෙස කටයුතු කිරීමට අමතරව, කොකා-කෝලා ශ්‍රී ලංකා සමාගම අධ්‍යාපනය, ප්‍රජා සංවර්ධනය සහ පරිසර සංරක්ෂණය වෙනුවෙන් ද විශාල දායකත්වයක් ලබා දෙයි. මෙමගින් තරුණ පරපුර ඇතුළු සමස්ත සමාජයේ යහපත උදෙසා සමාගම දක්වන කැපවීම මැනවින් පෙන්නුම් කරයි.
කොකා-කෝලා ශ්‍රී ලංකා හි මෙම සියලු වැඩසටහන් අතරින් තවත් වැදගත් වැඩසටහනක් වන්නේ ඔවුන්ගේ ‘නැවත ජීවය දෙමු’ (Give Back Life) වැඩසටහනයි. එමගින් ජල මූලාශ්‍ර නැවත පිරවීම, ජලය සුරැකීම සහ ප්‍රජාවන්ට පිරිසිදු ජලය ලබා දීමට පහසුකම් සැලසීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරේ. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශවල ක්‍රියාත්මක කර ඇති අතර, පරිසරය සුරැකීම සහ ඒ පිළිබඳව දැනුවත් කිරීම සඳහා ප්‍රාදේශීය ජනතාව මෙන්ම තරුණ තරුණියන්ද සක්‍රීයව සම්බන්ධ කරගෙන ඇත.
මෙම ඇගයීම වැදගත් සන්ධිස්ථානයක් ලෙස සලකමින් වසර ගණනාවක් පුරාවට තමන් කෙරෙහි විශ්වාසය තැබූ ශ්‍රී ලංකාව පුරා සිටින පාරිභෝගික ජනතාවට කොකා-කෝලා ශ්‍රී ලංකා සිය ස්තූතිය පුද කර සිටී.
Video Story