November, 25, 2016
ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනය හා එක්ව සංවිධානය කෙරෙන 2016 ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා අනුග්‍රහය දැක්වීමට 10 වැනි වරටත් රිට්ස්බරි ඉදිරිපත්ව සිටී. 27 වැනි වරට පැවැත්වෙන මෙවර ශූරතාවලිය 2016 නොවැම්බර් 26 දා ටැමිල් යූනියන් ස්කොෂ් පිටියේදී ආරම්භ වේ. මෙරට ප්‍රමුඛතම චොක්ලට් සන්නාමය වන රිට්ස්බරි නිෂ්පාදනය කරනු ලබන සිලෝන් බිස්කට්ස් සමාගම, මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම තම මුල් පෙළේ ආයතනික සමාජ සත්කාරයක් ලෙස හඳුනාගන්නා අතර ඒ අනුව යමින් කණිෂ්ඨ ස්කොෂ් ක්‍රීඩකයන්ගේ කුසලතා සංවර්ධනයට මෙසේ දායකත්වය සපයනු ලැබේ.
මෙරට ප්‍රධාන පෙළේ පාසල් තරගාවලියක් ලෙස සැලකෙන ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලිය සඳහා මෙවර දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික ප්‍රමාණයක් සහභාගී වීමට නියමිත ය. මෙවර ශූරතාවලියට ද වයස අවුරුදු 9, 11, 13, 15,17 හා 19 න් පහළ ආදී කාණ්ඩයන් සුපුරුදු ලෙස ඇතුළත් වේ. එමෙන්ම ස්කොෂ් ක්‍රීඩාවට ඇති ආකර්ෂණය වැඩි කිරීමේ අරමුණින් ආධුනිකයින් සඳහා ද විවිධ ඉසව් කිහිපයක් සංවිධානය කර තිබේ. සියලු තරග ටැමිල් යූනියන් ස්කොෂ් පිටියේ දී සතියේ දිනවල පස්වරු 3.00 සිට 8.00 දක්වාත් සති අන්ත හා නිවාඩු දිනවල පෙරවරු 8.30 සිට පස්වරු 8.00 දක්වාත් පැවැත් වේ. අවසාන තරග සහ සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ දෙසැම්බර් 03 වැනිදා පස්වරු 4.00 සිට රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් පිටියේදී ය. තරුණ ක්‍රීඩකයින් දිරිමත් කිරීමේ අරමුණින් එම අවස්ථා සජීවීව ජාතික රූපවාහිනී අයි නාලිකාව ඔස්සේ විකාශය වන්නේ මෙවර දෙවැනි වරට ය.
ශූරතාවලිය පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ ලේකම් කොමදෝරු ප්‍රියදර්ශන ජයවර්ධන මහතා, “සිලෝන් බිස්කට්ස් සමාගම වැනි දැවැන්ත සමාගමක අනුග්‍රහය මෙම ශූරතාවලියට හිමිවීම ගැන අපි ආඩම්බර වන අතරේම ඉකුත් දශකය පුරාවටම අපත් සමග මේ කාර්යයට උරදීම සම්බන්ධයෙන් රිට්ස්බරි වෙත අපේ ස්තූතිය පුද කරනවා. රිට්ස්බරි අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ දියුණුවට අඛණ්ඩව කැපවෙමින් සිටිනවා. මේ ආකාරයට ශ්‍රී ලංකාව තුළ ස්කොෂ් ක්‍රීඩාව නැංවීම සඳහා ලබාදෙන දායකත්වයත් ප්‍රශංසා කටයුතුයි” යනුවන් පැවසීය.
“27 වැනි ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියට අන්‍රගාහකත්වය පිරිනැමීමට හැකිවීම අපි දකින්නේ ශ්‍රී ලංකාවෙන් ජාතික තලයේ වගේම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩකයින් බිහිකරන්නත් අපට ලැබුණු වටිනා අවස්ථාවක් ලෙසයි. ඒ වගේම ආයතනයක් විදිහට ජාතික වගකීමක් වශයෙන් අපි ක්‍රීඩාවට අත හිත දීම දිගටම සිදුකරනවා”යැයි සිලෝන් බිස්කට්ස්හි සමූහ සාමාන්‍යාධිකාරිනී - අලෙවිකරණ තේජා පීරිස් මහත්මිය පැවසුවාය.
වයස අවුරුදු 19න් පහළ බාලක ජයග්‍රාහකයා ‘වසරේ ජාතික කණිෂ්ඨ ස්කොෂ් ක්‍රීඩකයා’ ලෙස ද වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ හොඳම අනාගත ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව යන අභියෝග කුසලාන ද මෙහිදී පිරිනැමීමට නියමිත ය.
සේයාරුව: සිලෝන් බිස්කට්ස්හි සමූහ සාමාන්‍යාධිකාරිනී - අලෙවිකරණ තේජා පීරිස් මහත්මිය විසින් ශ්‍රී ලංකා ස්කොෂ් සම්මේලනයේ සභාපති සුරන්ජිත් ප්‍රේමදාස මහතා වෙත 2017 ජාතික කණිෂ්ඨ ස්කොෂ් ශූරතාවලියේ අන්‍රගාහක චෙක්පත පිරිනැමූ අයුරු. එම සම්මේලනයේ ලේකම් කොමදෝරු ප්‍රියදර්ශන ජයවර්ධන ද සිලෝන් බිස්කට්ස් සමාගමේ රිට්ස්බරි සහාකාර සන්නාම කළමනාකරු අරුණ ලියනපතිරණ, සිලෝන් බිස්කට්ස් ප්‍රවර්ධන සහකාර කළමනාකරු පංචම රත්නායක හා සිලෝන් බිස්කට්ස්හි මහජන සම්බන්ධතා කළමනාකරු ජානක බොතේජු යන මහත්වරු ද ඡායාරූපයේ වේ.
Video Story