33 වන වාර්ෂික MSBA ලීග් තරඟාවලියේ ශූරතාව ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැසිපන්දු කණ්ඩායම හිමිකර ගනී

    November, 13, 2025

    33 වන වාර්ෂික MSBA ලීග් තරඟාවලියේ අවසන් තරඟයේ දී ශ්රීලංකන් ගුවන් සේවයේ පැසිපන්දු කණ්ඩායම DFCC බැංකු පැසිපන්දු කණ්ඩායමට එරෙහිව 60–52 ලෙස විශිෂ්ට ජයග්රහණයක් ලබා ගනිමින් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්රහණය කණ්ඩායමේ දක්ෂතාව, කැපවීම සහ ක්රීඩාශීලීත්වයට සාක්ෂියක් වන අතර, පැසිපන්දු කණ්ඩායම ගුවන් සේවයේ විවිධ අංශයන් නියෝජනය කරනු ලබන ක්රීඩකයින්ගෙන් සමන්විත වේ.

    ශ්‍රීලංකන් ගුවන් සේවයේ සහය ගුවන් නියමු රයන් ජයරත්න තරඟාවලියේ වටිනාම ක්රීඩකයා (Most Valuable Player) ලෙස නම් කරන ලදී. කණ්ඩායමට ගුවන් මෙහෙයුම් අංශයේ සංජය වනසේකර, ඉංජිනේරු අංශයේ දොන් රාමනායක, ලූක් පෙරේරා, ශාලින් කාසිචෙට්ටි සහ ශවිත ද සිල්වා සහ ගුවන් සේවක අංශයෙන් ඇරොන් ගෝමස්, ඇන්ඩ්රෙ ජයකොඩි, බුද්ධි චතුශංක, ඩිහාන් විජේසිංහ, ජීන් ද සිල්වා සහ මලීෂ තිලකරත්න ද ඇතුළත් විය. කණ්ඩායම් කළමනාකරු ලෙස තිලක් තිලකරත්න නායකත්වය සහ සහයෝගය ලබා දුන් අතර, පුහුණුකරුවන් වන හිරාන් විජේසූරිය සහ ඉසුරු පෙරේරා  උපායශීලීව සහ කැපවීමෙන් කණ්ඩායම මෙහෙයවූ අතර සියලුදෙනාගේ කණ්ඩායම් හැඟීම මෙම ශූරතා ජයග්රහණයට හේතු විය.