33,000 ට අඩු නම් වැට් නැහැ

    June, 23, 2016

    දිනක පිරිවැටුම රුපියල් 33,000 හෝ මාසික පිරිවැටුම රුපියල් මිලියනය නොඉක්මවන ව්‍යාපාරිකයින් වැට් සඳහා ලියාපදිංචි වීම අවශ්‍ය වන්නේ නැති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අද (23) මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ, වැට් බදු නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් සමගින් ගනුදෙනු කිරීමේ දී යම් ගැටළුකාරීත්වයක් පැන නැගී ඇති බව වෙළෙද සංගම් විසින් දැනුවත් කර ඇති බවත්, ඊට විසඳුමක් වශයෙන් වැට් නොගෙවන කුඩා ව්‍යාපාරිකයින් වෙනුවෙන් ඔවුන් වැට් බදු ගෙව්වා සේ සලකා කටයුතු කිරීමට Deem Vat ගෙවීමක් රජය විසින් සිදුකරනු ලබන බවත්ය. එය ඉන්පසු ජාලයට එය එක් වූ පසු වැට් නැවත අයකිරීම සම්බන්ධ ගැටළු මඟ හැරෙන බව ද මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

    ශ්‍රී ලංකාවේ දැනට බදු ගෙවන ෆයිල් ඇත්තේ 48,000 ක් පමණක් බවත් මෙය ලැජ්ජා විය යුතු කාරණයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.