October, 24, 2025
මුදල් අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ එකඟත්වය මත 5%ක් උද්ධමන ඉලක්කයක් තුළ වැඩ කිරීමට රජය ගෙන ඇති තීරණය වැරදිද නිවැරදිද යන්න තීරණය කළ හැකි වන්නේ 2026 මාර්තු මාසයේ දී සිදුකෙරෙන සමාලෝචනයෙන් පසු බව කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (24) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානයක මහතා ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහි දී අමාත්‍ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් පවසා සිටියේ උද්ධමනය මෙලෙස අස්ථාවර තත්ත්වයක පවතින අවස්ථාවක් තුළ උද්ධමන ඉලක්ක ඉක්මවා යෑම ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියට බාධාවක් බවයි.
"මූල්‍ය ස්ථාවරත්වයේ ඇතුලේ ප්‍රධහන විචල්‍යයන් කිහිපයක් තියනවා. එකක් ඔබ සඳහන් කරපු උද්ධමනය, ඒ වගේම පොලී අනුපාතය, විදේශ විනිමය අනුපාතය. ඒ නිසා මේ මොහොත වෙනකොට අපිට පුළුවන් වෙලා තියනවා මේ රාජ්‍ය ආයතන සහ ආණ්ඩුවක් විදිහට ඒ මූල්‍ය ස්ථාවරත්වය අත්පත්කරලා තියාගන්,. අනවශ්‍ය විචලනයක යන්නේ නැතුව. විශේෂයෙන්ම දැන් inflation කියන එක flexible inflation target එකකයි අපි මේ වැඩ කරන්නේ. ඒ target එකට අපි ආණ්ඩුව ගන්නකොටම තිබිච්ච framework එකේ දී මුදල් අමාත්‍යාංශයත්, මහ බැංකුවත් එකඟ වෙලා තියනවා. මම එක කාරණයක් විතරක් මේ inflation එක ගැන පැහැදිලි කරන්නනම්. ඒ framework එකේ ඉද්දි ඒ target එකේ 5% තීරණය කරපු එක හරිද වැරදිද තව ඕනද නැද්ද කියන එක ඊළග review එකේ දී තමයි ගන්න වෙන්නේ. ඒ පිළිබඳව අපිට තොරතුරු මම මහ බැංකුවෙන් ලබා ගන්නම්. මොකද ඒක ඉවර වෙන්නේ 2026 මාර්තුවල දී. එතකොට දැනට වැඩ කරන්නේ ඒ 5% target එක ඇතුලේ. නමුත් ඒ target එක ඇතුලේ ඇත්තටම මහ බැංකුව සහ ආණ්ඩුව විදිහට ගත්තහම target එක පැනලා ගිහින් නැහැ. තාමත් අපි එතනට ලගා වෙලා නැහැ. ඒ කියන්නේ inflation එක arrest කරලා තියෙන්නේ. ඒ කියන්නේ උද්ධමනය මේ වගේ අස්ථාවර තත්ත්වයක දී ඒ කියන්නේ අනවශ්‍ය විදිහට limit පැනලා යන්න ගත්තොත් ආර්ථිකය recover කරන වැඩේ කරන්න බැහැ."
Video Story