8GB RAM සහිත Nova 5T සමඟ විශ්මිත අත්දැකීමක්

    November, 4, 2019

    ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා මෙන්ම අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය.

     
    Nova 5T, 
    එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ශනයක් හිමි කර ගෙන ඇති අතරඑහි ඇති 8GB මතක ධාරිතාවය බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට ලක් වේ. මෙහිදී විශේෂම කරුණ නම්  8GB RAM සහිත ප්‍රථම light flagship වර්ගයේ ස්මාර්ට් දුරකථනය Nova 5T වීමයි.


    Mobile gaming 
    සඳහා ප්‍රිය කරන බොහෝ දෙනා අතර 5T ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ එහි භාවිතා කර ඇති වැඩි දියුණු කල GPU Turbo 3.0 තාක්ෂණය හේතුවෙන්ය. මෙමඟින්කිසිදු ප්‍රමාදයකින් තොරවවීඩියෝ ක්‍රීඩාවල නිරත වීමටද Nova 5T භාවිත කරන්නන්ට ඉඩ හිමි වේ.


    Nova 5T 
    තුළ භාවිත කර ඇති EMUI 9.1 තුළින් සියයට 59ක වේගයකින් යෙදුම් (Applications) launch කිරීමේ හැකියාවසහ සියයට 57කට තව දුරටත් සුසිනිදු UI මෙහෙයුම් හැකියාව පාරිභෝගිකයාට හිමි වේ. Nova 5T හි  8GB RAM සහ  128GB ROM සමගින් පාරිභෝගිකයාට කිසිඳු අවහිරතාවයකින් තොරව App භාවිත කිරීම සිදු කල හැකි අතර Nova 5T සඳහා භාහිර  මෙමරි කාර්ඩ් භාවිත කිරීමේ හැකියාව සහ Cloud Memory  හේතුවෙන් භාවිත කරන්නාට තවත් විශාල ප්‍රමාණයේ ගොනු සහ යෙදවුම් භාවිත කිරීමේ හැකියාව හිමි වේ.

     
    Crush Blue, Black 
    සහ Midsummer Purple යන වර්ණ තුනකින් පාරිභෝගිකයා වෙතට එන Huawei Nova 5T, වඩාත් අලංකාර පෙනුමකින්දයුක්ත වේ.  රුපියල් 69,999.00 හඳුන්වා දීමේ මිලකට එන Huawei Nova 5T, දැන් සියලුම Huawei Experience සෙන්ටර්ස්දිවයින පුරා සිංගර් ප්‍රදර්ශනාගාර වලින්, Daraz.lk, WOW.lk, Dialog.lk හා Singer.lk වෙතින්ද මිලදී ගත හැකි වෙයි.