99x ගෝලීය නායකයෝ කොළඹ දී රැස්වෙති

    June, 20, 2024

    99x හි ක්රමෝපායීක වර්ධනය ඉස්මතු කළ කොළඹ ප්රමුඛ පෙළේ වට මේස සාකච්ඡාව ගෝලීය පියසටහන පුළුල් කරයි

    ගෝලීය ඉංජිනේරු නවෝත්පාදන සැපයුම් සමාගමක් වන 99x ‘යුරෝපයේ සහ ඇමරිකාවේ වර්ධනය සඳහා සූදානම්’ යන මැයෙන් ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවක්, කොළඹ 03 හි පිහිටි ඔවුන්ගේ කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. අනාගතය පිළිබඳව ගෝලීය තාක්ෂණ නායකයෙකුගේ චින්තනයක් සහිත 99x හි මෙම අවස්ථාව සඳහා නෝර්වේ, පෘතුගාලය, බ්‍රසීලය සහ ශ්‍රී ලංකාව යන රටවල කර්මාන්ත නායකයින් එක්ව සිටියහ.

    මෙම ඉහළ පෙළේ වටමේස සාකච්ඡාවට 99x හි ගෝලීය නායකත්ව කණ්ඩායම සමඟ ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයෝ ද සහභාගී වූහ. එම සහභාගී වූවන් අතර 99x හි නෝර්වේ සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී - සමූහ Odd-Sverre Ostlie, 99x හි නෝර්වේ සමූහයේ ප්‍රධාන මුල්‍ය නිලධාරී - සමූහ Trygve Moe, Cleverti Portugal හි ප්‍රධාන විධායක නිලධාරී Carlos Coutinho Silva, Nextly Brazil හි ප්‍රධාන විධායක නිලධාරී Thiers Santos, Seeds Consulting Norway හි ප්‍රධාන විධායක නිලධාරී Eiliv Mæhle Liljevik සහ නෝර්වේ, මැලේසියාව, බ්‍රසීලය හා ශ්‍රී ලංකාව යන රටවල ක්‍රියාත්මක 99x Technology හි ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට යන පිරිස් ප්‍රධාන වූහ.

    ගෝලීය කුසලතා උත්තේජනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, භූගෝලීය ප්‍රවේශය පුළුල් කිරීම සේවාවන්හි පරාසය වැඩි දියුණු කිරීම සහ නවෝත්පාදන හා පාරිභෝගික තෘප්තිය ඇති කිරීම සම්බන්ධයෙන් සහයෝගී ප්‍රයත්නයන් රැසක් සාකච්ඡා කිරීමට මෙය මනා වේදිකාවක් සකස් කරනු ලැබීය. මීට අමතරව, නවෝත්පාදන උපාය මාර්ගවල සැලකිය යුතු ආයෝජනයන් අනුගමනය කරමින් 99x වේගවත් වර්ධනයක් අත්විඳ ඇති බව එම සාකච්ඡා මගින් අවධාරණය කරන ලදී. ආයෝජන මගින් විදේශ ප්‍රාග්ධනය තම රටවල් වෙත ආකර්ෂණය කර ගැනීමට හැකිවී තිබෙන අතර අත්පත් කර ගැනීම් මූලීක කරගත් වර්ධනයක් සඳහා කැප වී සිටින සමාගමක් වශයෙන් 99x ස්ථාපිත වී තිබේ.

    මෙම සාකච්ඡාව අතරතුර, 99x Technology Sri Lanka හි ප්‍රධාන විධායක නිලධාරී හසිත් යග්ගහවිට මහතා  එම සමාගම විසින් ශ්‍රී ලංකාව තුළ දැනට කරගෙන යන ආයෝජනය පිළිබඳව හා කලාපය තුළ පවතින කුසලතා පිළිබඳ මෙලෙස අවධාරණය කළේය " නෝර්වේ පෘතුගාලයේ සහ බ්‍රසීලයේ අපගේ කාර්යාලවල නායකත්ව කණ්ඩායම් කොළඹට පැමිණීම ගැන මම සතුටු වෙමි. සමූහය තුළ පවතින නිපුණතා සහ පළපුරුද්ද අනුව අපගේ පිරිනැමීම් නව වෙළඳපොළ වෙත ව්‍යාප්ත කිරීමට හැකි වෙයි. එමෙන්ම අපගේ සේවා පරාසය පුළුල් කිරීම තුළින් ද නව වෙළඳපොළ වෙත ව්‍යාප්ත කිරීමට අපට හැකියාව හිමි වේ. තරඟකාරී වෙළඳපොළ තුළ අපගේ ගනුදෙනුකරුවන්ට ලබා දෙන හැකියාවන් සහ මෙවලම් ඔස්සේ අමතර අගයක් එකතු කිරීමට අපි අඛණ්ඩව කටයුතු කරන්නෙමු "

    99x සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී - සමූහ Odd-Sverre Ostlie, සමාගමේ වර්ධන ගමන් මග පිළිබඳව මෙසේ ප්‍රකාශ කළේය. " පසුගිය වසර කිහිපය තුළ 99x සමූහය භූගෝලීය ආවරණය සහ සේවා පිරිනැමීම් යන දෙඅංශයෙන්ම වර්ධනය වී ඇත. දැන් අපගේ සේවාවන්ට යුරෝපයේ සහ ඇමරිකාවේ නිෂ්පාදන ඉංජිනේරු කණ්ඩායම්, ඩිජිටල් විසඳුම් සහ අක්වෙරළ සේවාවන් ද ඇතුළත් වේ.  අපගේ ගෝලීය විශේෂඥතාවයන් උපයෝගී කර ගනිම් අපගේ ගනුදෙනුකරුවන්ට නව්‍ය විසඳුම් ලබා දීමට කැප වී සිටිමු. වෙළඳපොළේ විකාශනය වන අවශ්‍යතා සපුරාලීම තුළින් කර්මාන්ත ප්‍රවණතාවයන්ට වඩා ඉදිරියෙන් සිටින බවට අප සහතික වෙමු. අපගේ භූගෝලීය ව්‍යාප්තිය ඔස්සේ විවිධ කුසලතා සංචිතවලට පිවිසීමට සහ ලොව පුරා සිටින අපගේ ගනුදෙනුකරුවන් සමඟ ශක්තිමත් සබඳතා ඇති කර ගැනීමට මඟ පාදයි.

    99x සමූහය සමඟ ස්කැන්ඩිනේවියාවේ සිට යුරෝපය සහ ඇමරිකාව පුරා සිය පැවැත්ම ව්‍යාප්ත කිරීම සඳහා ගෝලීය කණ්ඩායම්වල දක්ෂතා ඒකාබද්ධ කිරීම මෙම විද්වත් කතිකාවතේ වැඩිදුර ඉලක්කය වී තිබේ. මෙම සංචාරයේ විශේෂිතම අවධානය වූයේ දේශීය දක්ෂතා සහ කුසලතා මට්ටම් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමට සහ පරිමාණ මෙහෙයුම් සදහා ශක්‍යතා සහයෝගීතාවයන් ගවේෂණය කිරීමය. මීට අමතරව, විකුණුම් සහ විසඳුම් ගොඩනැගීමේ අනාගත සහයෝගීතා අවස්ථා එහිදී සොයා බලන ලදී.