සංවර්ධන බැඳුම්කර නිකුතුවෙන් ඩොලර් මිලියන 250 ක්

    June, 13, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් කැඳවා තිබූ සංවර්ධන බැඳුම්කර නිකුතුවේ වෙන්දේසි කාලය අදින් (13) හමාර විය. මෙම බැඳුම්කර වෙන්දේසිය සඳහා ලංසු ඉදිරිපත් කිරීමට ජූනි 07-13 දක්වා කාලය විවෘත කර තිබිණි.

    ඩොලර් මිලියන 200 ක වටිනාකමකින් යුතු වසර 1, 2, 3 හා 5 යනාදී වශයෙන් පරිණත කාල හතරකින් මෙම සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු අතර ලැබුණු ලංසු අතුරින් එක් අවුරුදු පාවෙන පොළී අනුපාතිකය යටතේ ඩොලර් මිලියන 250.04 ක ලංසු අනුමත කර තිබේ.

    Video Story

    Stock Market

    Exchange Rates