June, 14, 2016
පසුගිය අප්‍රේල් 01 වැනි දින ශ්‍රී ලංකා රජය විසින් ස්වභාවික ආපදා රක්ෂණාවරණයක් ජාතික රක්ෂණ භාර අරමුදලින් ලබා ගෙන ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 300 ක වාරිකයක් ගෙවා තිබේ.
මෙම රක්ෂණාවරණය ලබා ගෙන සති 6 ක් ඉක්මයාමටත් මත්තෙන් දරුණු ගංවතුර හා නායයාමේ තර්ජනයකට ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ ලක්විය. මේ සම්බන්ධයෙන් රොයිටර් පුවත් සේවයට අදහස් දක්වමින් රක්ෂණ භාර අරමුදලේ සභාපති මංජුල ද සිල්වා මහතා කියා සිටින්නේ රජය විසින් ගනු ලැබූ මෙම පියවර නිසා ගංවතුරෙන් හා නායයාමෙන් ආපදාවට පත් ජනතාවට වන්දි ගෙවීම සඳහා මෙය වැදගත් පියවරක් වනු ඇති බවයි.
සමස්ත රට සඳහාම ලබා ගෙන ඇති මෙම නව රක්ෂණාවරණය හානියට පත්වූවන්ට සහන සැලසීමට හා වන්දිගෙවීමට වැදගත් කාර්යභාරයක් ඉටුකරනු ලබන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේය.
Video Story