ධීවර කර්මාන්තයේ සංවර්ධනයට ඩොලර් මිලියන 62 ක ADB ආධාර

    June, 14, 2016

    උතුරු පළාතේ යාපනය, මන්නාරම, මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ධීවර කර්මාන්තය සංවර්ධනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 62 ක තාක්ෂණි ආධාර සැපයීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.

    මෙම ආධාර මත යාපනයේ ගුරුනගර් හා පේදුරු තැඩුව ධීවර වරායන් සහ මන්නාරමේ පේසාලේ ධීවර වරාය සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇත.