June, 17, 2016
ශ්රී ලංකාව සහ බල්ගේරියා ජනරජය අතර ආර්ථික සහයෝගිතා ගිවිසුමක් අත්සන් තැබීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
යුරෝපා සංගමයේ සාමාජිකයකු වන බල්ගේරියාව හා ශ්රී ලංකාව අතර සිදුවන සමස්ත වෙළඳ පිරිවැටුම 2015 වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.75 දක්වා වර්ධනය වී ඇත.
දෙරට අතර වෙළඳාම, ආයෝජනය සහ ආර්ථික සබඳතා ප්රවර්ධනය කිරීම සඳහා නව මංපෙත් සෙවීමටත්, හඳුනාගත් නව ක්ෂේත්ර ඔස්සේ දෙරට අතර ආර්ථික සහයෝගිතාව වර්ධනය කිරීම සඳහා අන්තර් රාජ්ය යන්ත්රණයක් ඇති කරගැනීමටත් මෙමගින් බලාපොරොත්තු වේ.
Video Story