කුඩා ජලවිදුලි බලාගාර 4 ක් ඉදිකෙරේ

    June, 21, 2016

    මෙරට බලශක්ති ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරලීමේ අරමුණින් නව කුඩා ජල විදුලි බලාගාර 4 ක් ඉදිකිරීම සඳහා ආයෝජන මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    දෙහිඅත්තකණ්ඩිය, දෙමෝදර, සොරනතොට හා වලපනේ යන ප්‍රදේශවල මෙම කුඩා ජලවිදුලි බලාගාර ඉදිකිරීමට නියමිතය.

    Vidula Biomass (Pvt) Ltd, Ino Mini Hydro Power (Pvt) Ltd, Udawela Hydro (Pvt) Ltd සහ Biomed Hydro Power (Pvt) Ltd යන සමාගම් වෙත මෙම ව්‍යාපෘති සඳහා මෙයාකාරයෙන් අනුමැතිය හිමිව තිබේ.