ශ්‍රී ලංකා මැණික් ව්‍යාපාරිකයෙකුගේ ඩොලර් මිලියන 6 ක මැණික් හොරකම් කරලා

    June, 21, 2016

    ජාත්‍යන්තර මැණික් ව්‍යාපාරිකයෙකු වන මොහමඩ් අසාන් මොහිදීන් අබ්දුල් කාදර් මහතාගේ හොංකොං ඩොලර් මිලියන 6 ක පමණ වටිනාකමකින් යුතු මැණික් ගල් තොගයක් සොරාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. හොංකොං හි සුපිරි වෙළෙඳසැළ් සංකීර්ණයක් තුළ දී මෙම සොරකම වී ඇති බවට අදාළ ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිලි කර ඇත.

    මේ අතර 29 වැනි හොංකොං මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජූනි 23 වන දින ආරම්භ කිරීමට නියමිත අතර 44 හැවිරිදි අබ්දුල් කාදර් මහතා ඉල්ලා සිටින්නේ තමාගෙන් සොරාගත් මැණික් ගල්, මෙම ප්‍රදර්ශනය තුළ දී අලෙවිකිරීමට ඉඩකඩක් ඇති බැවින් ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.

    මැණික් ගල් 750 ක් පමණ මෙහිදී සොරකම් කර තිබෙන අතර ඇමරිකානු ඩොලර් ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුතු පද්මරාග, ඩොලර් 60,000 ක පමණ වටිනාකමකින් යුතු කැරට් padparadscha pink sapphire මැණික් හා purple pink sapphire මැණික් ගල් කිහිපයක් ඒ අතර තිබී ඇක.

    මේ පිළිබඳ අදහස් දක්වමින් අබ්දුල් කාදර් මහතා කියා සිටින්නේ මෙම සිදුවීමත් සමගම තමන් සතු සියල්ල අහිමි වූ බවත් සිය ව්‍යාපාරය මුළුමනින්ම කඩා වැටුණු බවත්ය.

    අදාළ සිදුවීම පිළිබඳව හොංකොං පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටී.

    ඡායාරූපයේ සිටින්නේ අගතියට පත් අබ්දුල් කාදර් මහතායි.