June, 23, 2016
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ ප්‍රාදේශීය/අභ්‍යන්තර දේශීය ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතිපත්තියක් වශයෙන් අනුමත කර තිබේ.
කොළඹ සිට බදුල්ලට වාහනයකින් ගමන් කිරීමට වර්තමානයේ අවම වශයෙන් පැය 06කට වඩා වැඩි කාලයක් ගත වන අතර ගුවන් මඟින් එම කාලය මිනිත්තු 25කට පමණ සීමා කරගැනීමට මේ මඟින් අපේක්ෂා කෙරේ.
තවද ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට සහ අපනයනය සඳහා ආර්ථික භෝග වගා කිරීම වැඩිදියුණු කිරීමටද බදුල්ල දිස්ත්‍රික්කයේ ගුවන්තොටුපළක් ස්ථාපනය කිරීමෙන් මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි රජය කියා සිටී.
ඌව හා සබරගමුව යන පළාත්වල හැර ශ්‍රී ලංකාවේ අනෙක් සෑම පළාතකම ප්‍රාදේශීය/අභ්‍යන්තර ගුවන්තොටුපළ පිහිටා ඇත.